(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පණ නීතියක් නොමැති හෙයින් මාකඳුරේ මධුෂ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විශේෂ කාර්ය බලකාය සහ රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ පුංචි අම්මා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කළේය.
මෙම පෙත්සම ප‍්‍රතික්ෂේප කිරීමට නියෝග කරනු ලැබුවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඥාතියෙකුට ඉදිරිපත් කළ නොහැකි බවට සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිගනිමිනි.
මෙම පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන , ප‍්‍රසන්න ජයවර්ධන සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
සූරියවැව හත්පෝරුව පදිංචි අබේසේකර විජේසේකර ශ‍්‍රියානි මහත්මිය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්ලතීෆ් මහතා ඇතුළු පස් දෙනෙකු නම් කර ඇත.
ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කාරිය සමරසිංහ ආරච්චිගේ මධුෂ් හෙවත් මාකඳුරේ මධුෂ් නැමැත්තාගේ පුංචි අම්මාය.මධුෂ් නැමැත්තා 1979 වසරේ මෙලොව එලිය දුටු අතර ඔහුට වසර 10ක් ගතවෙද්දී 1989 වසරේ යුද හමුදාව විසින් ඔහුගේ මව වෙඩි තබා ඝාතනය කෙරිණි.
මෙම ඝාතනය පසුපස ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකු වන ඩැනී හිත්තැටියගේ පවුලේ අය සිටින බව මධුෂ්ගේ පවුලේ අය තදින්ම විශ්වාස කර සිටී.මධුෂ් රෝහල් උපස්ථායකයෙකු ලෙස සිය ජීවිකාව ඇරඹීය.පසුව හෙදියක් සමඟ විවාහ විය.හෙතෙම එක් දරු පියෙකුද වේ.
ප‍්‍රාදේශීය දේශපාලනඥයින් ගේ ජීවිත තර්ජන හමුවේ හෙතෙම තම උපන් නගරයෙන් පලා ගියේය.
පසුව මධුෂ් විවිධ චෝදනා යටතේ රිමාන්ඞ් භාරයට පත්විය.රිමාන්ඞ් බාරයේ සිටියදීද ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල විය.මෙම තත්ත්වය හමුවේ ඔහු තම ජීවිත ආරක්ෂාව පතා සිය පුත‍්‍රයා සමඟ විදෙස්ගත විය.
හෙතෙම ඉකුත්දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී අත්අඩංගුවට පත්විය.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පණය නීතියක් නොමැති අතර එබැවින් වගඋත්තරකරුවන් විසින් මධුෂ් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී වේ.මේ තත්ත්වය තුළ ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවේ.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසද , මධුෂ් නැමැත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.
COMMENTS
යකඩෝ මේකේ කියන විදිහට වැරදිකාරයා ලතීෆ් තමා. හොඳට කියවල බලන්න. මදුෂ් කවදාවත් කාටවත් වැරැද්දක් කරලා නැහැ. පුංචි අම්මා පල්ලා...
මොන කළු කෝට් කාරයද මේ පෙත්සම ගොනුකළේ? කුඩු සල්ලි හොඳ ගාණක් කපාගන්න ඇති...
අපේ අම්මා නැති වෙනකොට බාල මල්ලිට මාස 6යි පවුලේ... 8 දෙනයි. අපිව කොහොම හරි පියා සමග එකතුවෙලා. ආච්චි හැදුවා, එකෙක්වත් මේවගේ කතා විදියට හැදුනේ නැහැ. දැනටත් කාටවත් කරදරයක් නොවී ජීවත් වෙනවා. මේ ආදරණිය පුංචි අම්මා මදුෂ් පොඩිකාලේ එයාට අම්මගේ අඩුව නොදැනෙන්න. වැඩ කෙරුවා නම් අද මදුෂ් අපි වගේ, දැන් මදුෂ්ට, සල්ලිවලට අම්මලා ගන්න පුළුවන්. මේ වගේ අය ගැහැණුකමටත් ලැජ්ජයි. පොඩි කාලේ මේවගේ ආදරේ කෙරුවේ නැහැ... දෙපළවත් තිබුනේ නැහැනේ... මේ පුංචිඅම්මට බරපතල වැඩ සමග දඬුවම් දීලා හිරගෙදරට අරින්න.. මිනීමරුවෙක්, විෂ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නෙක් වෙනුවෙන් පෙනීසිටිමින් අධිකරණ නොමග හරින්න ගත් උත්සාහයට මේවා පෙනි පෙනීත් අධිකරණය සැලකිල්ලක් නැත්තේ ඇයි?
ඔය ගෑනු මනුස්සයට පිස්සුද කියලා බැලුවොත් හොඳයි. මෙච්චර රටට හානියක් කරපු එකෙක්ව තමන්ගේ නෑදෑයෙක් කියලා සුද්ද කරන්න යන්නේ. එතකොට ඔය මිනිහා නිසා රටේ අනිත් අයට වුණු විනාසෙට වගකියන්නේ කවුද? ඔය වගේ අය හින්දා තමයි රටට හෙන ගැහිලා තියෙන්නේ...
ලංකා අධිකරණය නොබියව හා සාධාරණව ගත් තවත් ශ්‍රේෂ්ඨ පියවරක්... පාතාල කුඩු රජාගේ පුංචි අම්මා ඇතුළු සියලු පාතාලයන්ද, කුඩ්ඩන්ද, ඔවුන්ගේ සල්ලි මිටි වලට ගැතිවූ ඇතැම් පෙරකදෝරුවන්ද ලැබූ අන්ත පරාජයකි. සාමකාමී රටවැසියා ලැබූ ජයකි.
ගෝඨාභයට වෙන නීතියක්.. කවුරු වුනත් මදූෂ්ට වෙන නීතියක් දේශපාලකයන් සහ නඩුකාරවරුන් දීලා..
ජීවිතේට උසාවියකට නොගිය පුංචි අම්මාව උසාවි යැව්වේ කොයි උසස් නිලධාරියාද? කොයි දේශපාලුවාද කියලා අපට නොකිව්වට කමක් නෑ. කියන්න ගියොත් ලැයිස්තුව දිග වැඩිවෙයි නොවැ...
ඇත්තටම මේවගේ අයට අපේ රටේ දඬුවම් නැද්ද ..?
තමන්ට ජීවිතයේ දුක් කරදර පැමිණියා කියලා හැමෝම සමාජ විරෝධී නීති විරෝධී වැඩ කරන්න පටන් ගත්තොත් හරිද ? මගේ මිතුරියකගේ පියා බේබද්දෙකුව අකාලයේ නැති වෙලා සහෝදරයා කුඩු කාරයෙකු වෙලා තවම කරදර. ඒ කුඩු කාර සහෝදරයා මගේ මිතුරියගේ රැකියාවන් දුක් විඳලා හම්බු කල සල්ලි පමණක් නොවේ විවාහයට ලැස්ති කරගත් රත්රන් බඩු පවා සොරකම් කළා. ඇයට ලැබෙන විවාහ යෝජනා සහෝදරයාගේ ක්‍රියා කලාපය ආරංචි වී අසාර්ථක වුනා. එත් ඒ මිතුරිය අදත් සමාජයට වෛර නොකර හොඳින් ජීවත් වෙනවා. දැන් මදුෂ්ගේ පුංචි අම්මා කියන්නේ මදුෂ් ගේ කුඩු ජාවාරම් එයාගේ මුලික අයිතිවාසිකමක් කියලාද ?
මේකෙ සමහරු මේ නඩුවට බැනල තිබුනට ගෝඨාභය මහත්තයත් දැම්මෙ මේ නඩුවම බව කට්ටියට අමතක වෙලා. බැරිවෙලාවත් මදුශ්ගෙ වාසගම රාජපක්ෂ වුනානම් ඔය නඩුව නිකම්ම දිනනවා.
" මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඥාතියෙකුට ඉදිරිපත් කළ නොහැකි බවට සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිගනිමිනි" ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කළේය. කුඩු නිසා උපරිම දඩුවම් දිය යුතුය. නමුත් ගෝඨාභය තමන්ම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ නිසා එය ශ්‍රේෂ්ඨාධිකරණය පිලි ගනී. නීතියේ සදර්ණත්වය ගැන සිතන්න. නීති වර්ග 2කි. ගෝඨාභය අනාගත ජනාදිපති වන නිසා ඔහුට දැන්මම හැමෝම බයවී ඇත.