(දීපාල් ද සිල්වා)

මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු වන ඇට ඉන්දික හෙවත් සුනිල් ප්‍රෙමරත්න ලබන 20 දක්වා බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.

එදිනට සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතය. මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු වන ඇට ඉන්දික හෙවත් සුනිල් ප්‍රෙමරත්න ජීව අත්බොම්බයක් සමඟ කරන්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

කරන්දෙණිය බෙංවල ප්‍රදෙශයේ කාන්තාවන්ගේ රන් මාල කැඩීම ගැන ලැබුණු පැමිණීල්ලකට සොයමින් සිටියදී ලද තොරතුරකට අනුව එගොඩවෙලදී අත්අඩංගුවට ගැණිනි.

ඩැනි හිත්තැටිය මහතා ඝාතන නඩුව ඇතුළු ඝාතන නඩු, හෙරොයින් නඩු 13කට මෙම සැකරු වරෙන්තු ලබා ඇති බවද පොලිසිය පවසයි.