ජනමාධ්‍ය වාරණයට විරෝධය පළ කිරීමක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් කිහිපයක් සිය මුල් පිටුව කළු පැහැයෙන් මුද්‍රණය කර ඇතැයි වාර්තා වේ.
පුවත්පත වාරණයකට ලක්කර ඇතැයි හැඟවෙන අයුරින් පළමු පිටුවේ මුද්‍රිත අකුරු තද කළු පැහැයෙන් වසා දමා තිබූ අතර රහසිගතයි යනුවෙන් රතු පැහැයෙන් මුද්‍රාවක් ද තබා තිබිණි.
ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය සංවිධාන පවසන්නේ එරට මාධ්‍ය නිදහස සීමා සහිත බවයි.
සංවේදී තොරතුරු සඳහා මාධ්‍යවේදීන් ප්‍රවේශ වීම සීමා කිරීමේ නීති ලිහිල් කිරීමට රජයට බලකිරීම මෙම විරෝධතාවේ අරමුණ බවද ඔවුහු පවසති.
ඕස්ට්‍රේලියාවේ තරගකාරී හා පක්ෂග්‍රාහී මාධ්‍ය ආයතන කිහිපයක් මෙසේ එක් මතයකට ක්‍රියා කිරීම දුර්ලභ සිදුවීමක් ලෙස විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
ඒකට අපේ මාධ්‍ය. ඉතාම මධ්‍යස්තව සදාචාරාත්මකව ඉතාම නිවැරදි තොරතුරු අපට ලබා දෙනවා.. පොඩි පරහකට තියෙන්නේ කඩේ ගිහිල්ලා තමන්ගේ කට්ටියගේ සපත්තු පිහදාලා එනගමන් තමයි ඒ තොරතුරු සපයන්නේ...
ඉතා ඉහලින් අගය කලයුතු ක්‍රියාවක් වුවත් මාධ්‍ය අවභාවිතව මාධ්‍ය නිදහස ලෙස වටහාගතයුතු නොවේ. උදාහරණයක් ලෙස එම රටවල සිය දිවි නසාගැනීම් වාගේ දේවල් කිසිම මාධ්‍යකින් ප්‍රචාරය නොවේ. මාධ්‍ය විසින්ම එවැනි ප්‍රවෘත්ති පලකිරීමට වාරණයක් පවත්වාගෙන යනු ලබයි.