බිඟුන් මේනක ගමගේ
මාධ්‍යවේදීන්ගේ ඝාතන හා අතුරුදන්වීම් සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු පවතී නම් ඒවා ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශන ආරම්භ කිරීමට සූදානම් යැයි එහි සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය තම සංවිධානයට පැවැසී යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අපරාධවලට ලක්වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතනවලට යුක්තිය ඉටුකිරීමට මැදිහත් වන්නැයි ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයන් පසුගිය 29 වැනිදා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් මුණගැසුණු අවස්ථාවේදී ආචාර්ය දීපිකා උඩගම මහත්මිය මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන, අතුරුදන්වීම් හා පැහැරගෙනයාම් ගැන දන්නා වැදගත් තොරතුරක් වේ නම් [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ කැඳවුම්කරු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අංක 96, බර්නාඩ් සොයිසා මාවත, නාරාහේන්පිට, කොළඹ 05 ලිපිනයට යොමු කරන්නැයි එහි කැඳවුම්කරු සී.දොඩාවත්ත මහතා එම නිවේදනයෙන් ඉල්ලා සිටී.
ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතනවලට එරෙහි අපරාධ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිදුකරන අධ්‍යයනයකින් සැකැසූ සංක්ෂිප්ත වාර්තාවක් ද මානව හිමිකම් කොමිසමට බාරදුන්නේ යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමට ඇති බාධා, අධිකරණ පද්ධතියේ ගැටලු, දේශපාලන කැපවීමක් නොමැතිවීම, ආරක්ෂක හමුදා සහ අතුරු හමුදා සම්බන්ධකම්, මාධ්‍ය පාරිභෝගිකයන්, සිවිල් සමාජය හා ආයතන හිමිකාරින් ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකිරීම වැරැදිකරුවන්ට දඬුවම් කිරීමට බලපා ඇති ප්‍රධාන දුර්වලතා හැටියට එම අධ්‍යයනයේදී හඳුනාගෙන ඇතැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද
මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් තොග වෙළඳසල් හිමියන් සහල් තොග සඟවාගෙන ජනතාවට අලෙවි නොකර සිටින සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇතැයි මාතලේ දිස්ත්‍රීක් ලේකම් ත
විදුලිය ගාස්තු ලබන වසරේ මුල් මාස හය දක්වා එලෙසම පවත්වාගෙන යෑමට විදුලිබල මණ්ඩලය කළ යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොම
යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්සුන්ව හැසිරුණු බවට පවසමින් යාපනය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව එම රෝහ
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදන් ජීප් රථයක් ශ්‍රී ලංකා යුද හමුදාට අයත් කොස්ගම, ශාලාව පුහුණු කඳවුර පරිශ්‍රයේ ඇති බවට හෝ යුද හමුදා මූලස්ථානය, අකුරණ ය
පුද්ගලයකු පැහැරගෙන දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අද (9) අපරාධ පරී
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
මාධ්‍ය මර්දනය ගැන විමර්ශනයට මානව හිමිකම් කොමිසම සැරසෙයි