IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාධ්‍ය ගැන එජාපයෙන් මැතිවරණ කොමිසමට වාර්තාවක්

(බිඟුන් මේනක ගමගේ) 

ජනමාධ්‍ය උපමාන උල්ලංඝනය වන අයුරින් විද්‍යුත් මාධ්‍ය සිදුකරන ප්‍රචාරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණෙන් මැතිවරණ කොමිසමට වාර්තා කීපයක්ම ලබාදුන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

සංඛ්‍යාත අයිතිය මහජන දේපලක් වන බැවින් ඒවා අපහරණය කිරීම නීතිවිරෝධී යැයි කී හෙතෙම ඊට එරෙහිව පියවර ගැනීමට මැතිවරණ කොමිසමට බලය ඇතැයි අවධාරණය කළේය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හැසිරෙන අකාරය ගැන පසුගිය 17 වැනිදා පැවැත් වූ මාධ්‍ය හමුවකදී තම දැඩි කණස්සල්ල පළකළේය

මහින්ද දේශප්‍රිය මහතා එහිදී රුපවාහිනී ආයතනවල නම් සඳහන් නොකර එක් එක් අපේක්ෂකයාට ලබාදී තිබෙන ප්‍රචාරණ කාලය ගැන ප්‍රස්ථාර ඇසුරෙන් කරුණු දක්වා මාධ්‍ය සමබරව කටයුතු නොකළහොත් ඒ පිළිබඳව දැඩි ක්‍රියාමර්ග ගැනීමට සිදුවන බවට අනතුරු ඇඟවීමක්ද කළේය.

 



අදහස් (7)

මාධ්‍ය ගැන එජාපයෙන් මැතිවරණ කොමිසමට වාර්තාවක්

sirimal Sunday, 20 October 2019 12:06 PM

ලෝකේ කොයි රටේත් මාධ්‍ය කටයුතු කරන්නේ එක්කෝ ඒවායේ අයිති කරුවන්ගේ නැත්නම් ඒවායේ සේවය කරන අයගේ සිතැඟිවලට අනුවයි. සියයට සියයක්ම "අපක්ෂපාතී" යැයි කිවහැකි ජන මාධ්‍යයක් ලෝකයේ කොහෙවත් නැහැ. තමන්ගේ මාධ්‍ය වගකීම ගැන වැටහීමක් ඇති බොහෝ දැන උගත් අය නම් " මාධ්‍ය සදාචාරය" කියලා දෙයක් ගැන හිතල මතලා කටයුතු කරන බව නම් කියන්නට පුළුවන්. අපේ රටේ මේ පිළිබඳ දක්නට ලැබෙන තත්වය ගැන නම් කියලා වැඩක් නැහැ.

:       0       89

චන්න Sunday, 20 October 2019 12:07 PM

රටේ ප්‍රවෘත්ති වෙනුවට පක්ෂයක් වෙනුවෙන් කඩේ යනවා විතරයි.

:       0       122

සුරංග Sunday, 20 October 2019 12:47 PM

ලෝකයේ දියුණු රටවල. මැතිවරණයකට පෙර මාධ්‍ය හොඳයි.

:       0       40

සූරංග Sunday, 20 October 2019 12:58 PM

ලෝකයේ දියුණු රටවල මැතිවරණයට පෙර මාධ්‍ය තමුන් ආධාරකරණ පක්ෂය හෝ පුද්ගලයා කවුද කියලා ජනතාවට දැනුම් දෙනවා.

:       3       15

සනත් වීරකෝන් Sunday, 20 October 2019 01:06 PM

රනිල් මහත්තයාගේ අයියගේ ටී.එන්.එල් චැනල් එක සජිත්ගේ මූණ තියා කොළපාට ගහක්වත් පෙන්වන්නේ නැහැ. පොහොට්ටු කාරයින්ට මුළු ප්‍රවෘත්ති විකාශන කාලයම වෙන්කරලා අන්තිම, අසාධාරණ වෙනස්කම් කිරීමක් තමයි එයාලා කරන්නේ...

:       48       133

AmilaSunday, 20 October 2019 02:09 PM

හාමුගේ ඕඩර් වලටලු එහෙම කරන්නේ...

:       1       75

අබිත්තයාMonday, 21 October 2019 12:25 PM

හාමු කියන්නේ රනිල්ට නම් රනිල්ගේ පක්ෂයට රුපවාහිණී හා ගුවන් විදුලි දෙකෙනුත් පුවත් පත් වලිනුත් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල කියල නුවනින් බලන කෙනෙකුට තේරුනාට පක්ෂ කඩතුරාවට වැසී සිටින කිසිවෙකුටත් එය නොතේරීමට හැකියාව පවතී.ටිකක්හෝ සැලකිල්ලක් රාජ්‍ය මාධ්‍යවලින් නැතුවාද නොවේ.ගුවන් විදුලියෙන් දඹුළුගලේ ගුවන් විදුලිය ඉතාම පහත් ආකාරයෙන් දේශපාලනයේ යෙදෙනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site