IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මාධ්‍යවේදි ආනන්ද කීර්ති බණ්ඩාරගෙන් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝග යටතේ රදවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී බව කියමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් ඉල්ලා නිදහස් මාධ්‍යවේදියෙකු වන ආනන්ද කීර්ති බණ්ඩාර රත්නායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

ත්‍රස්තවාදීන්ට සහයෝගය ලබා දෙන ශ්‍රී ලාංකික මුස්ලිම් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාල පහර දෙන බවට තොරතුරක් දැනුම් දීම හේතුවෙන් තමා නිකරුණේ අත්අඩංගුවට ගෙන ඇතැයි පෙත්සම ගොනු කර තිබේ.

තමා මුදා හරින නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කරන්නැයි පෙත්සම්කාර නිදහස් මාධ්‍යවේදියා සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් බාරයේ රදවා සිටින නිදහස් මාධයවේදී ආනන්ද කීර්ති බණ්ඩාර රත්නායක මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කොල්ලුපිටි පොලිස් ස්ථානාධිපති , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.පෙත්සම්කරු ලංකා නිව්ස් ඩොට්.ඔර්ග් යන වෙබ් අඩවියේ නිදහස් මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරනු ලබයි.හෙතෙම ආරක්ෂක සහ දේශපාලන ප්‍රවෘත්ති ආවරණය කරයි.පෙත්සම්කරු මීට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර නිලධාරියෙකු වශයෙන්ද සේවය කළේය. යුද්ධය හේතුවෙන් පූර්ණ ආබාධිත තත්වයට පත් විණි.

පෙත්සම්කරු ගුවන් හමුදාවේ සිටියදී අභ්‍යන්තර පරීක්ෂණ වලට සහභාගී වූවෙකුද වේ.මෙහිදී පෙත්සම්කරු ඉහළ නිලධාරීන්ගේ විමර්ශන කටයුතු සදහාද සහභාගී වී ඇත.ඒ හේතුවෙන් , එම ඉහළ නිලධාරීන් ගෙන් ජීවිත තර්ජන පවා පෙත්සම්කරුට එල්ල වී ඇත.

එක් අවස්ථාවකදී යම් කිසි කණ්ඩායමක් පෙත්සම්කරු පැහැරගෙන ගොස් පහර දී ඇති අතර එය ගුවන් හමුදාවේම නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද්දැක් යැයි පෙත්සම්කරු සැක පළ කරයි.

2004 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා පොලීසි මගින් අත්අඩංගුවට ගෙන රදවා තබා ගත් අතර පසුව කිසිදු චෝදනාවක් නොමැතිවම මුදා හරින ලදී.‍ඉන් අනතුරුව අරමුදල් සාවාද්‍ය අපහරණය කළේ යැයි චෝදනා මත පෙත්සම්කරු ගුවන් හමුදා සේවයෙන් නෙරපා ඇත.

එම තීරණයෙන් අගතියට පත් පෙත්සම්කරු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.එය විභාගයට ගත් අභියාචනාධිකරණය පෙත්සම්කරු යළි කොමිෂන් නිලධාරියෙකු ලෙස පිහිටුවන ලෙස නියෝග කරමින් රිට් ආඥාවක්ද නිකුත් කළේය.එහෙත් එම රිට් ආඥාව ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාදායක බාධාවක් පැවතිණි.ඊට හේතුව වූයේ පෙත්සම්කරුගේ කොමිෂන් නිලධාරී තත්වය ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීමයි.එනිසා පෙත්සම්කරු යළි කොමිෂන් නිලධාරියෙකු ලෙස පිහිටුවන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කරන්නැයි අභියාචනාධිකරණය පෙත්සම්කරුට දන්වා ඇත.කෙසේ නමුත් පෙත්සම්කරු යළි ගුවන් හමුදාවේ කොමිෂන් නිලධාරියෙකු ලෙස පත් නොකළේය.ඉන්පසුව පෙත්සම්කරු ඩුබායි හී සිල්ලර අලෙවි සලක සේවය කර ඇත.

පෙත්සම්කරු නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ඉහළ රාජ්‍ය නිලධාරීන් ගේ හා දේශපාලනඥයින් වංචා හෙළි කරමින් ලිපි මාලාවක් වෙබ් අඩවිය ඔස්සේ පළ කළේය.

පාතාල නායක කොස්ගොඩ තාරක ඝාතනය කිරීමට ප්‍රථම ඔහු පොලිස් අත්අඩංගුවේ සිටයදීම මරා දැමීමේ සූදානම් පවතින බවට කරුණු හෙළි කරමින් පෙත්සම්කරු ලංකා නිව්ස් ඩොට්.ඔර්ග් යන වෙබ් අඩවියේ ලිපියක් පළ කෙරිණි.එදිනම එම පාතාල නායක ඝාතනයට පත් විණි.

පෙත්සම්කරු කොස්ගොඩ තාරක ගේ ඝාතනයට පෙර පෙත්සම්කරු ඒ පිළිබදව පාතාල නායකයාගේ නීතීඥවරයාට දැනුම් දුන් අතර ඒ ගැනී අදාළ නීතීඥවරයාද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැනුම් දුන්නේය.

 

 



අදහස් (0)

මාධ්‍යවේදි ආනන්ද කීර්ති බණ්ඩාරගෙන් පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1116 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1133 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site