(දයාරත්න ඇඹෝගම)
මධ්‍යම පරිසර අධිකාරියේ සේවයේ නිරතව සිටින පරිසර නිලධාරීන්ගේ වැටුප් ගැටලුව විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (22) සිට ක්ෂේත්‍ර රාජකාරි කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව පරිසර නිලධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් පද්මසිරි රණවක මහතා පැවසීය.
වසර 13 ක් තිස්සේ තමන්ගේ වැටුප් ගැටලු සඳහා විසඳුමක් ලබා දෙන ලෙසත් වයඹ පළාත තුළ ජාතික පරිසර පනත ක්‍රියාත්මක කරන ලෙසත් තමන්ට රාජකාරි කටයුතු සඳහා දුරකතන පහසුකම් ලබා දෙන ලෙසත් පරිසර ආමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියද මෙතෙක් ඒ සඳහා ප්‍රතිචාරයක් නොලැබුන බවද පරිසර නිලධාරීහු පවසති.
මීට විරෝධය පළකරමින් විසඳුමක් ලැබෙන තෙක් ක්ෂේත්‍ර රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව ඔවුහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි දැන්නේ අපිට තේරුනේ. මේ අය පඩි අඩු හින්දනේ අර කුණු කන්ටේනර් නිදහස් කරලා තියෙන්නේ. පව් කට්ටියට. පඩි නැතුව වැඩ කරන්නේ. රස්සාව හරියට නොකර පඩි දීමනා ඉල්ලලා වර්ජනය කරන එක පින්ගුත්තරයෝ ඉන්නේ මේ රටේ විතරයි..
රට පුරාම පරිසරය විනාශ වෙමින් යනවා. ඔය ගොල්ල රාජකාරිවලින් ඉවත් වෙනවා.