
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කුරුණෑගල සිට අධිවේගී මාර්ගයේ මීරිගම දක්වා පැමිණි රථ වාහන ප්‍රමාණය අද 17 පස්වරුවේ ඉහළ යාමත් සමඟ ධාවන තීරු පහකින් වාහන පිටත් කරවීමට බලධාරීහු පියවර ගත්හ.
මේ තත්ත්වය හේතුවෙන් මීරිගම පිවිසුමෙන් පිට වීමට පැවැති වූ වාහන පෝලිම මදුරුපිටිය මා ඔය සීමාව දක්වා පැවති බවට තොරතුරු ලැබිණි
රියදුරන් ප්‍රකාශ කළේ විනාඩි පහළොවක් විස්සක් තරම් කෙටි කාලසීමාවකින් මීරිගම පිවිසුම දක්වා පැමිණියත් පිවිසුමෙන් එළියට යෑමට විනාඩි 45 ක් පැයක් තරම් කාලයක් තමන්ට ගතකරන සිදු වූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකවේගී මාර්ගයේ යනවාට වැඩිය ඉක්මන් සාමාන්‍ය මාර්ගයේ යන එක...
පෙට්‍රල් නෑ කියන්නේ බොරුවක් වගෙයි පෙනෙන්නේ... නැත්නම් මෙච්චර වාහන කොහොමද පාරේ?
පිටවීමේදී මුදල් වෙනුවට පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වා දෙන්න. නැත්නම් හුඟක් අය 5000 කොළ මාරු කරන්නේ පිටවීමේ දොරටුවලින්...
මෙම මාර්ගය කඩවත දක්වා දීර්ඝ කළ විට අනිවාර්යයෙන්ම කඩවත පිවිසුමේ අධික තදබදයක් ඇතිවෙන්න පුළුවන්...
පෝලිමේ ඉඳලා ගත්තු තෙල් ඉවර වුණාම ඔය ආසාවට යන ගමන් නතරවෙයි. අඩු තරමින් ඊළඟ තෙල් නැව ගොඩබානකල්වත් නවතියි..
මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දී කෑම බීම ගණන් ගිහින් පෝලිම් ගැහිලා තියෙද්දී,ඉන්ධන ගණන් ගිහින් තියෙද්දී මෙච්චර වාහන ගොඩක මුන් මොන මගුලේ යනවද.අධි වේගේ ඇරියා විතරයි ඒකත් බ්ලොක් වෙන තරමට වාහන.ඇත්තටම මේ රටේ කියන තරම් ප්‍රශ්නයක් නැහැ.පෝලිම් සේරම බොරු ඩ්‍රාමා.මිනිස්සු කාලා බීලා ට්‍රිප් ගිහින් විනෝදෙන් ඉන්නවා