(නාලක සංජීව දහනායක)
ජනාධිපතිවරයාගේ උපදෙස් නොතකා හරිමින් මුදල් පිළිබඳ අධීක්‍ෂණ කාරක සභාව හරහා මුදල් නීති සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට රජය උත්සාහ ගනිමින් සිටින බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (10) පැවසීය.
රජයේ මෙම හිතුවක්කාරී ක‍්‍රියාව නතර කිරීමට නම් ශ්‍රී ලංකා මහ බැංකුව තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා වහාම ක‍්‍රියාත්මක විය යුතු බවද මන්ත‍්‍රීවරයා කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.
මුදල් නීති සංශෝධන පනත් කෙටුම්පත මුළුමනින්ම මහ බැංකුව පිහිටුවීමේ සිට සියලූම වගන්ති ඇතුළත් කර ඇති අලූත්ම මුදල් නීති පනත එය බව කී ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මුදල් ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් ප‍්‍රාමාණික දැනුමක් සහිත පුද්ගලයන්ගේ උපදෙස් ලබාගෙන මෙම පනත සංශෝධනය කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද පත‍්‍රිකාවේ ඉතාම පැහැදිලිවම සඳහන් කර තිබෙන බවද කීය.
එහෙත් එම නිර්දේශ පිළිබඳව කිසිම තැකීමක් නොකර පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ අධීක්‍ෂණ කාරක සභාව හරහා මෙය සම්මත කරගැනීමට උත්සාහ දරන බව කී ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාගේ නිර්දේශයන් නොසළකා හැරීම සම්බන්ධයෙන් තමන් එම අධීක්‍ෂණ කාරක සභාවෙන් තමන් ප‍්‍රශ්න කළද ඔවුන් ජනාධිපතිවරයාගේ නිර්දේශවලට එකඟ නොවූ බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මෙම පනතට සංශෝධන අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පිළිගන්නා බව කී ගුණවර්ධන මන්ත‍්‍රීවරයා රටට ගැළපෙන පරිදි එම සංශෝධන සිදුකළ යුතු බවද කීය. ඒ අනුව මෙම ක්‍ෂේත‍්‍රය පිළිබඳ දැනුමක් සහිත විද්වතුන්ගේ කමිටුවකට පනත යොමු කර උපදෙස් ලබා ගැනීමෙන් මිසක දේශපාලනික වුවමනා එපාකම් හා ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට සංශෝධන සිදුකිරීමෙන් මූල්‍ය පනත් සංශෝධනය නොකළ යුතු බවද පැවසීය.
කොළඹ - 7, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේ දී අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
63
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
136
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් පනත් කෙටුම්පත් සංශෝධනය කිරිමේ උත්සහයක්