IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


මුදල් පනත් කෙටුම්පත් සංශෝධනය කිරිමේ උත්සහයක්

(නාලක සංජීව දහනායක) 
 
ජනාධිපතිවරයාගේ උපදෙස් නොතකා හරිමින් මුදල් පිළිබඳ අධීක්‍ෂණ කාරක සභාව හරහා මුදල් නීති සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට රජය උත්සාහ ගනිමින් සිටින බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (10) පැවසීය.

රජයේ මෙම හිතුවක්කාරී ක‍්‍රියාව නතර කිරීමට නම් ශ්‍රී ලංකා මහ බැංකුව තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා වහාම ක‍්‍රියාත්මක විය යුතු බවද මන්ත‍්‍රීවරයා කීය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.

මුදල් නීති සංශෝධන පනත් කෙටුම්පත මුළුමනින්ම මහ බැංකුව පිහිටුවීමේ සිට සියලූම වගන්ති ඇතුළත් කර ඇති අලූත්ම මුදල් නීති පනත එය බව කී ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මුදල් ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් ප‍්‍රාමාණික දැනුමක් සහිත පුද්ගලයන්ගේ උපදෙස් ලබාගෙන මෙම පනත සංශෝධනය කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද පත‍්‍රිකාවේ ඉතාම පැහැදිලිවම සඳහන් කර තිබෙන බවද කීය.

එහෙත් එම නිර්දේශ පිළිබඳව කිසිම තැකීමක් නොකර පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ අධීක්‍ෂණ කාරක සභාව හරහා මෙය සම්මත කරගැනීමට උත්සාහ දරන බව කී ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාගේ නිර්දේශයන් නොසළකා හැරීම සම්බන්ධයෙන් තමන් එම අධීක්‍ෂණ කාරක සභාවෙන් තමන් ප‍්‍රශ්න කළද ඔවුන් ජනාධිපතිවරයාගේ නිර්දේශවලට එකඟ නොවූ බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙම පනතට සංශෝධන අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පිළිගන්නා බව කී ගුණවර්ධන මන්ත‍්‍රීවරයා රටට ගැළපෙන පරිදි එම සංශෝධන සිදුකළ යුතු බවද කීය. ඒ අනුව මෙම ක්‍ෂේත‍්‍රය පිළිබඳ දැනුමක් සහිත විද්වතුන්ගේ කමිටුවකට පනත යොමු කර උපදෙස් ලබා ගැනීමෙන් මිසක දේශපාලනික වුවමනා එපාකම් හා ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට සංශෝධන සිදුකිරීමෙන් මූල්‍ය පනත් සංශෝධනය නොකළ යුතු බවද පැවසීය.

කොළඹ - 7, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේ දී අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
 
 



අදහස් (0)

මුදල් පනත් කෙටුම්පත් සංශෝධනය කිරිමේ උත්සහයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1017 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1057 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site