IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුදල් අමාත්‍යංශ මාධ්‍ය අධ්‍යක්ෂවරයා නිදහස් කරයි

යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව මල්වාන ප්‍රදේශයේ ඊයේ (29) සිදු කළ සෝදිසියකදී මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයාගේ නිවසේ බෝර 12 ගිනි අවිවලට යොදන පතුරම් 93 ක් සොයාගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගනු ලැබුවද පසුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඊයේ පස්වරුවේම ඔහු මුදා හැරිය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

භට කණ්ඩායම් විසින් මාධ්‍ය අධ්‍යක්ෂවරයාගේ මල්වාන මල්වත්තේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී එහි වහල සහ සිවිලිම අතර එළිමහන් කොටසේ මේවා සඟවා තිබිණැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
 
මල්වාන ප්‍රදේශයේ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම ඊයේ අලුයම 5.00 සිට දහවල් 12.00 දක්වා පැවැති අතර මේ සඳහා යුද හමුදාවේ භටයින් 700ක් හා පොලිසියේ 100ක් සහභාගී වූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙහිදී නිවාස හා වෙළඳසැල් 700කට අධික ප්‍රමාණයක් සෝදිසියට ලක්කර තිබිණි. මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ නිවසද මෙසේ සෝදිසියට ලක් කෙරුණු නිවාස අතර විය.

සෝදිසි මෙහෙයුමේදී සොයාගත් සෙසු භාණ්ඩ අතර කඩු දෙකක්, පාස්කු දිනයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරවල වීඩියෝ දර්ශන සහිත ජංගම දුරකතන දෙකක්, රසායනික ද්‍රව්‍ය සහිත ප්ලාස්ටික් කෑන් දෙකක්, යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ජැකට් 10 ක්,  කලිසම් 6 ක් සහ පතුරොම් රඳවනයක් ද තිබූ බව පොලිසිය සඳහන් කරයි.

මෙම භාණ්ඩවලට අමතරව අයිතිය තහවුරු කිරීමට අපොහොසත් වූ මෝටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

මෙම මෙහෙයුමේදී පුද්ගලයන් 13 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම බියගම පොලිසියට බාරදී ඇත.



අදහස් (0)

මුදල් අමාත්‍යංශ මාධ්‍ය අධ්‍යක්ෂවරයා නිදහස් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 243 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site