IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මුදලට සූදු කෙළි ලග්ගල ප්‍රා.සබේ සභාපති ඇතුළු 8 ක් අල්ලති

 

(කාංචන කුමාර ආරියදාස)

මුදලට සූදු ක්‍රීඩාවේ යෙදුණු ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 8 දෙනෙකු සැකපිට ලග්ගල පොලිසිය විසින් අද (15) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔවුන් සන්තකයේ තිබී රුපියල් 24,000 කට වැඩි මුදල් ප්‍රමාණයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

මෙසේ සභාපතිවරයා සමඟ අත්අඩංගුවට පත් එක් පුද්ගලයකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම්  221 ප්‍රමාණයක් ද සොයා ගෙන ඇතැයි පොලිසිය කියයි.

මෙසේ හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ ලග්ගල විල්ගමුව ආදී ප්‍රදේශ වලට හෙරොයින් ගංජා බෙදාහැරීමේ ජාවාරමක නිරත "යකා "නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන සුරංග දිසානායක නමැති  පුද්ගලයෙකි.

කාලයක් තිස්සේ ඉතා සූක්ෂම ලෙස මෙම සූදු ක්‍රීඩාව  කරගෙන යන බවට ප්‍රදේශයේ කාන්තාවන් සහ විවිධ සංවිධාන පොලිසියට නිරන්තරයෙන් තොරතුරු ලබා දෙන බවත් එහෙත් ඉතා සූක්ෂම ලෙස ස්ථාන මාරු කරමින් තැරැව්කරුවන් අතරමග දමා මහා පරිමාණයෙන් මෙම සූදු ක්‍රීඩාව පවත්වාගෙන යාමෙන් බරපතල ප්‍රශ්න රැසක් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (2)

මුදලට සූදු කෙළි ලග්ගල ප්‍රා.සබේ සභාපති ඇතුළු 8 ක් අල්ලති

විජේ Tuesday, 15 September 2020 01:02 PM

බුවනෙකබාහුට, චොකාට ක්‍රියාත්මක වූ නීතිය මොහුටද ඒ අයුරින්ම ක්‍රියාත්මක වේවි...

:       0       0

Bamunuarachchi Wednesday, 16 September 2020 03:55 AM

මම 1967 ලග්ගල රාජකාරි කරන කාලේ ලග්ගල පැත්ත කැලේ. දැන් බොරු කාරයන්ගෙන් පිරිලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site