Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 05 වන ඉරිදා
ඩයනා උදයංගනී
මාදුරුඔය ජලාශයේ පාවෙන සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට පියවර ගෙන ඇතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත කැනේඩියානු රජයේද සහයෝගයෙන් ඉදිකෙරෙන මෙම බලාගාරය මෙරට පළමු පාවෙන සූර්ය බලාගාරය වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසය වනවිට අවසන් කිරීමට නියමිත බවත් ඉන් විදුලිබල පද්ධතියට මෙගාවොට් 100 ක විදුලි ධාරිතාවයක් එක්වන බවත් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
මෙම බලාගාරයේ ඉදිකිරීම් සඳහා ශ්‍රී ලංකා හා කැනේඩියා රජයන් අතර ගිවිසුම් අත්සන් කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (9) සිදුකෙරුණු අතර අමාත්‍යවරයා එහිදී මේ බව පැවසීය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
sirimal Tuesday, 09 April 2019 01:41 PM
ඔබතුමාගේ අනෙකුත් පාවෙලා යන්නම ගිය ව්‍යාපෘති වගේ මේකත් නිකම්ම නිකන් පාවෙන ව්‍යාපෘතියක් වෙයිද?
Reply : 2 88
Bamunuarachchi Tuesday, 09 April 2019 02:44 PM
ෆොක්ස්වැගන් කාර් හැදුවා වගේ තියේවි. අවුරුදු 4 ම රට නන්නත්තාරයි.. මේ කාලකන්නි කියන දේ කරන ජාතියක් නොවෙයි.
Reply : 338 132
Vajira Wednesday, 10 April 2019 10:44 AM
පහුගිය හතර විතරක් නෙවෙයි, අවුරුදු හැත්තෑවක්ම රට නන්නත්තාරේ තමයි.
Reply : 7 3
Bamunuarachchi Thursday, 11 April 2019 04:23 AM
කතාව හරියට දේශපාලන ඔස්තාර් කෙනෙක් වගේ. 1977 කලින් රට කාන්තාර වුන තැනක් කියන්න බලන්න අපේ දැන ගැනීම සඳහා. වයස 70 වට අඩුනම් ලියන්න උත්සාහ කරන්න එපා.
0 0
athura Wednesday, 10 April 2019 11:18 AM
රටම නෙමෙයි බමුණු ඔහෙලා වගේ එක එකාගේ කටු කාපු උන් තමයි නන්නත්තාර වෙලා තියෙන්නේ. රටම නන්නත්තාර වුනා නම් අපිත් නන්නත්තාර වෙන්න එපැයි...
Reply : 1 8
Chanak Los angeles Wednesday, 10 April 2019 02:53 PM
අයවැය පරද්ද ගන්න බැරිවුණු පොහොට්ටුවෝ කට වහගෙන බලන් ඉන්න තිබෙන්නේ එජාපය රට දියුණු කරන ආකාරයයි. ජනපතිකමට ඉල්ලන්න කෙනෙක් හොයා ගත්තද?
Reply : 31 43
Rasika Wednesday, 10 April 2019 08:21 PM
පොහොට්ටුවේ මන්ත්‍රීලත් එජාපයේ මන්ත්‍රීලත් ජෙනරේටර් ගෙන වායුසමිකරණේ ඉදියි. ඒවගේම පිටරට ඉන්න අයත් එහෙ හොදින් ඉදියි. ලංකාවේ ඉන්න අයට තමා මේක දැනෙන්නේ.. හැබැයි ඉතින් තියෙන මෝඩ කමට ගිහින් ඊලග වතාවෙත් මෙයලටම කතිරේ ගහල එන්න..
0 0
ranasinghe Tuesday, 09 April 2019 02:59 PM
අනේ අගමැතිතුමනි, රට ගැන සිතා මෙතුමාට උක් සංවර්ධන වගේ ඇමතිකමක් දෙන්න අලුතෙන් මොනවත් කරන්න ඕනේ නැහැ...
Reply : 3 11
Aris Tuesday, 09 April 2019 04:28 PM
ඔය අනම් මනම් වැඩක් නැහැ. පරමාණු බලෙන් විදුලිය නිපදවීම සදහා බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කරන්න. නැත්නම් පුද්ගලික අංශයෙන් පරිභෝගිකයන්ට කෙලින්ම විදුලිය ලබා ගැනීමට හැකියාව සලස්වන්න.
Reply : 37 56
Bamunuarachchi Wednesday, 10 April 2019 09:32 AM
පරමාණු බලයෙන් විදුලිය ලංකාවේ නිපදවන්න...? මේ වනවිට ජපානයේ ෆොකුශීමා බලාගාරයට සිදුවෙලා තිබෙන සංහතිය බලාගෙන කතාකරන්න.
Reply : 173 113
Chanak Los angeles Wednesday, 10 April 2019 02:46 PM
ෆොකුශිමා විනාසයට වැඩිය විනාශයක්නේ සාටක පව්ල රට කරන කාලේ කලේ.... එ්කනේ ධුරයේ කාලය ගෙවෙන්නටත් ඉස්සෙල්ලා සාටකව ජනතාව ගෙදරම යැව්වේ..
38 47
Aris Wednesday, 10 April 2019 04:17 PM
එහෙනම් දකුණු ඉන්දියාවේ ඔය ආසන්නයේම එකක් හදලා තියනවා. බය නම් වෙන පැත්තකට මාරුවෙලා යන්න...
1 0
Bamunuarachchi Thursday, 11 April 2019 10:08 AM
මේ ඇන්ජලිස් වල ලොස් වෙච්ච එකා සාටක පවලට පුදුම භයක් තිබෙන්නේ සාටක පවුලේ කෙනෙක් මේකාට තුවාල වෙන්නම මොනවා හරි කොරලා ඇති. පව් දෙවියනේ මැහුම් කීයක් විතර දැම්මාද?
0 0
Sriyal Tuesday, 09 April 2019 05:24 PM
ඕන තරම් වලවල් තිබෙන විටදී ත්, තීන්දු තීරණ ගන්නේ මහදැනමුත්තා වගේ අයනේ.
Reply : 0 0
chathuri Tuesday, 09 April 2019 06:13 PM
එක ඇමතිවරයෙකුත් පාවෙන වෙළදපොලක් ද කොහෙද හැදුවා නේද. කොළොඹ කොහොමද ඒක. ලාබ ලබනවද. . මේකත් එහෙම වෙයිද . අන්තිමට කියන්න එපා ගිලා බැසපුනිසා විදුලිය නැවත දෙන්න විදියක් නැහැ කියලා , ලොකු ව්‍යාපුරුති ඇරියට වැඩක් නැහැ ආණ්ඩුව වෙනස් වෙනකොට මේ දේවලුත් අයින්කරනවා. එහෙම කරන්නේ කොහොමද . ජනතා මුදල් නේද මේවට යට කරන්නේ.
Reply : 4 8
කල්පනා Wednesday, 10 April 2019 01:11 AM
මාර්ග ආලෝක කිරීමට විදුලි කණුවලටත් රජයේත් සංස්ථා හා මංඩලවල ගොඩනැගිලි (පාසැල් ඇතුලු) අධිවේගී මාර්ග වල විදුලි කණුවලත් ජාත්‍යාන්තර ක්‍රීඩා පිටිවලත් සූර්ය කෝෂ සවිකර එම ස්ථාන ආලෝක කලහොත් සුලුවෙන් හෝ විසඳුමක් .සෙවිය හැකිවේවි කියා සිතෙනවා. ඒ වගේම උදාගම් සංකල්පය මත ඉදිකරන සෑම නිවසකටම සූර්ය බලය මගින් පමණක් විදුලිය ලබාදීමද ඉතාම සුලු විසඳුමක් විය හැකිනේද?
Reply : 0 53
malaka Wednesday, 10 April 2019 01:36 AM
කොමිස් කතා කර ගත්තද ?
Reply : 1 15
sirimal Wednesday, 10 April 2019 01:55 AM
සූර්ය විදුලි බලාගාරය ජලාශයක පාවෙන ආකාරයෙන් හදන්නේ විශේෂ හේතුවක් නිසාද ?
Reply : 0 6
ලුම්බිණි Wednesday, 10 April 2019 03:41 AM
මොකද මාදුරු ඔයම ගත්තේ? එතනට අවුව වෙන තැන් වලට වඩා වැඩිද? අනුරාධපුර වගේ පැත්තක පාවෙන්නේ නැතුව මේක හැදුවනම් වියදම මීට වැඩිය වැඩිද?
Reply : 0 18
daya Wednesday, 10 April 2019 04:18 AM
වියලි කාලයට ජලය සිඳුනොත් පාවීම නවතියි නේද?
Reply : 0 21
jayath Wednesday, 10 April 2019 08:24 AM
ඔව් සිරිමල් නිකම් සූර්ය පැනලයක් වහලක හයි කරත් සවිකරන දිශාව වලාකුළු වලින් වෙන බාධාවන් ගැන සැලකිලිමත් වෙනවා පාවෙන පැනල වලට යන්න ප්‍රධාන හේතුවක් තමයි ගොඩබිම සවි කරොත් යන විශාල ඉඩ ඉතිරි වෙනවා. තව කරුණක් තමයි අවශ්‍ය අවස්ථා වලදී සූර්ය පැනල සිසිලනය පහසුවීම. අනික් ප්‍රධාන කරුණක් තමයි මේකෙන් ජලාශය වැසුනම ජලාශයේ වාෂ්පීකරණය අඩුයි. තව අටෝරාසියක් දේ තියනවා නමුත් මේක සිරි ලංකාව සාම්පූර් නැවැත්තුව වගේ නායකයෝ දෙන්න ඒකමතිකව මේකත් නවත්තයි ද දන්නේ නැහැ !අපි බලමු !
Reply : 1 1
Bamunuarachchi Thursday, 11 April 2019 10:12 AM
සාම්පුර් කවුද කරන්න ගියේ කවුද කරන්න ඉඩනොදුන්නේ?
Reply : 0 0
prabha Wednesday, 10 April 2019 10:23 AM
ඇමතිතුමෝ...... ගොඩබිමින් ඉඩම් කට්ටියක් හොයාගන්න බැරි උනාද?
Reply : 0 1
lanka Wednesday, 10 April 2019 10:52 AM
සූර්ය විදුලි බලාගාරය ජලය මත ඉදිකිරීම නව ප්‍රවණතාවක්. එයින් රටේ කෘෂිකාර්මික ඉඩම් භාවිතා කිරීම වැළැක්වෙන අතර, සූර්ය පැනල පිරිසුදු කිරීම සඳහා අවශ්‍ය ජලය වැනි දේ පහසුවෙන් ලබා ගත හැකි වනු ඇත. එමෙන්ම, ජලාශයක විශාල ප්‍රදේශයක් වසා මෙවැනි බලාගාර ඉදිකිරීමෙන් ජලය වාෂ්ප වීම අවම කරගත හැකියි. නමුත් මගේ අදහස, සූර්ය බලාගාර ඉදි කිරීම ලංකාවේ පුද්ගලික අංශයට දුන්නා නම් ඉන් රැකියා අවස්ථා බොහොමයක් බිහි කිරීමට ඉඩ තිබුණු බවයි....
Reply : 3 3