(මහින්ද නිශ්ශංක)
 
අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක් රුපියල් 5.00 කින් වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.

බනිස්, මාලුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන මිල තමන්ට කැමති මිලකට වැඩි කිරිමට බේකරි හිමියන්ට බලය පැවරූ බව ඔහු කීය. දැනට පාන් ගෙඩියක මිල රුපියල් 60 ත් 65 ත් අතර පවතී.