IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මැදමුලන නඩුවේ සාක්කි විමසීම කල්තබයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළ බවට විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහි නඩුව ලබන මාර්තු මස 10 වැනිදා යළි කැඳවීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (09) නියම කළේය.

මෙම නඩුවේ සාක්කි විමසීම ලබන මාර්තු මස 10 වැනිදා තෙක් නොපවත්වන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති නියෝගය අනුව මෙම  නඩුවේ  සාක්කි විමසීම කල් තබන ලදී.

මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති) විනිසුරු සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදී.

2013 සැප්තැම්බර් මස 03 වැනිදාත් 2015 පෙබරවාරී මස 02 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්‍ෂ 339 ක් වැයකර වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට සියලු විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා  චෝදනා නඟා ඇති අතර එම රුපියල් ලක්‍ෂ 339  වැය කර වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් වු 02 සිට 06 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිවද ඒ සඳහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිවද නීතීපතිවරයා චෝදනා නඟා ඇත.

දණ්ඩ නිති සංග්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකර ඇති බවද නීතීපතිවරයා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත.

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ලෙස නීතීපතිවරයා විසින් පොදු දේපළ පනත සහ දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ පවරන ලද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඩී. මහින්ද සාලිය සහ එම්.ඒ. ශ‍්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර යන හත්දෙනා නම් කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් ජනාධිපති, හිටපු ආරක්‍ෂ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුල් අවස්ථාවේදී නම් කොට තිබුණත් ඔහු ජනාධිපතිධූරයට පත් වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තිය අනුව විධායක ජනාධිපතිවරයා කරන ලද හෝ නොකරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ හෝ සිවිල් නඩුවක් පවත්වාගෙන යෑමේ හැකියාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තිය අනුව නොමැති බව පෙන්වා දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමකට අනුව විනිසුරු මඩුල්ල විසින් සියලුම චෝදනා වලින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිදහස් කරන ලදී.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතාද විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ද කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ සාක්කි විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද තහනම් නියෝගය ලබන මාර්තු මස 05 වැනිදා තෙක් බලපැවැත්වෙන හෙයින් ඉන් පසු දිනයක මෙම නඩුව කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන මාර්තු මස 10 වැනිදා කැඳවීමට නියම  කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ වසන්ත පෙරේරා සහ රජයේ නීතීඥ උදාර කරුණාරත්න යන මහත්වරුන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පෙනී සිටියේය.

පළමුවැනි විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සමඟ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාද, දෙවැනි විත්තිකරු වෙනුවෙන් ලලිත් අබේසිරිවර්ධන මහතා සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද, තුන්වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥවරුන් වන ඩිලන් ද සිල්වා සහ සපුමල් බණ්ඩාර යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාද, සිව්වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා සමඟ ජනාධිපති නීතීඥ නෙවිල් අබේරත්න මහතාද පස්වැනි සහ හයවැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ සෙනරත් ජයසුන්දර මහතාද, හත් වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ නිරෝෂණ සිරිවර්ධන මහතා සමඟ නීතීඥ චමින්ද අතුකොරල මහතාද පෙනී සිටියහ.

 

 



අදහස් (5)

මැදමුලන නඩුවේ සාක්කි විමසීම කල්තබයි

ravin Thursday, 09 January 2020 01:02 PM

මහා හොරා රට පාලනය කරද්දී නඩු අහන්න පුළුවන් ඇමෙරිකාවේ. එත් ලංකාවේ...ඒවා විහිළු..

:       0       4

Mahee Thursday, 09 January 2020 01:08 PM

මං පුද්ගලික හේතු මත මේකෙන් අයින් වෙනවා.

:       0       1

Chaturi Thursday, 09 January 2020 01:31 PM

ඇයි බයද ?

:       0       1

Perera Thursday, 09 January 2020 02:35 PM

මේ නඩුවටත් අර හෙල්පින් හම්බන්තොට සුනාමි ආධාර අවභාවිතා නඩුවට වුණු දේම වෙයි වගේ...!!!

:       0       1

Devinda Uduwara Thursday, 09 January 2020 05:15 PM

ගෝඨාභය රාජපක්ෂ එහි පිරිවැය ආපසු ගෙවා ඇති බව අපට දැනගන්නට ලැබුනි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 51 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2006 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site