ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව 2020 ජනවාරි 9 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ විශේෂ මහාධිකරණය අද (15) නියම කළේය.
කෞතුකාගාරය ඉදිකිරිමේදී රාජ්‍ය මුදල් මිලියන 33.9 ක් අවභාවිතා කළැයි හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැණිනි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.