IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මාදම්පේ නිවසක මිනිස් අස්ථි කොටස්

(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
    
මාදම්පේ මැල්ලවාගාර ප්‍රදේශයේ  නිවසක් තුළ තිබි මිනිස් සිරුරක අස්ථි කොටස්  තොගයක් අද (7) පස්වරු සොයාගත හැකිවූ බව මාදම්පේ පොලිසිය කියයි.
 
මෙම නිවසෙහි වයෝවෘද්ධ කාන්තාවක් තනිවම විසූබවත් පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසු ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොලද බවත් තමන් තම සහෝදරියට නිතර දුරකතන  ඇමතුම් ලබාදෙනු ලැබූ නමුත්  ඒ කිසිඳු අවස්ථාවකදී ඇයගෙන් ඊට කිසිඳු ප්‍රතිචාරයක් නොලද බවත් පසුව පසුව සැකසිති පැමිණ බැලු අවස්ථාවේ දි සිය සහෝරදරියගේ නිවස දොරගුළු දමා තිබු බැවින් සැක සිති පැමිණ මේ බව බදුල්ලේ පදිංචි කාන්තාවක් මාදම්පේ පොලිසියට පැමිණිළි කළ බවත් පොලිසිය කියයි.

පසුව එම නිවසේ දෙරක් කඩා බැලූවිට ඒ තුළ තිබී මෙම අස්ථි කොටස්
හමුවු බවත් කියයි.

මෙම
අස්ථි කොටස් එම නිවසෙහි තනිවම වාසය කළ බව කියන රාජකරුණා මනමේන්ද්‍ර නයිදේලාගේ ආරියවති (66) නැමිත්තියගේ විය හැකි බවට සැක කෙරේ.

හලාවත අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසු මෙම 
අස්ථි කොටස් වෛද්‍ය පරීක්ෂණය හදහා හලාවත දිස්ත්‍රික් මහ රෝහල කරා ගෙන යන බවත් කියයි.

මාදම්පේ පොලිසිය පරික්ෂණ සිදු කරයි‍.



අදහස් (3)

මාදම්පේ නිවසක මිනිස් අස්ථි කොටස්

Pradeep Saturday, 07 March 2020 04:47 PM

පසුගිය වසරේ අප්‍රේල් සිට මේ දක්වා සොයා බැලීමක් නොකරපු සහෝදරියක්. දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වුවා නම් ඒ දිනවලම සොයා බලන්න තිබුනා. අනික තනියම සිටින වයසක අයෙක්. මාස 11 කට පසුව සොයා බලද්දී ඇටකටු ටිකවත් තිබුනා ඇති.

:       6       104

සත්‍යපාල Saturday, 07 March 2020 10:28 PM

මාර සහෝදර ප්‍රේමය. තනිව සිටි තම සහෝදරිය දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි නිසා සොයා බලන්න අවුරුද්දක්ම ගිහින්. අනේ අනිච්චං !

:       0       59

Ruhunu Sunday, 08 March 2020 07:17 AM

මෙම මරණය සැක සහිතයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2518 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site