
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මැතිසබයේ සහ ඉන් පිටත පසුගිය සතියේ ඇතිවූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා අදාළ කමිටුව පත්කර ඒ කටයුතු සිදුකරන තෙක් සියලු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගීවී එහි කටයුතු කරගෙන යෑමට සහය වන්නැයි තමා ඉල්ලීමක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (7)පැවැසීය.
කතානායකවරයා මෙසේ පැවසූවේ අයවැය විවාදය ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධීන් පිළිබඳව සොයා බැලීමට මෙම කමිටුව පත් කරනු ලබන්නේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් යැයිද කතානායකවරයා කීවේය.
මේ කමිටුව සඳහා පත් කිරීමට සමහර මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමට තවමත් නොහැකිවී ඇති බවත් ඒ අය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම කමිටුව හෙට දිනයේ පත් කිරීමට බලාපොරොත්තු වන බවත් මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘මැති සබේ පවත්වාගෙන යන්න සහාය වෙන්න‘‘