(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා විදේශ රටවල භාවිතා කරන විශේෂ උපකරණ මෙරටට ඇනවුම් කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දිවයිනපුරා රිය අනතුරු වලින් මිය යන පුද්ගල මරණ ප්‍රමාණය වැඩිවීමක් දක්නට ලැබෙන හෙයින් එය වලක්වා ගැනීම සදහා බීමත් රියදුරුන් මෙන්ම අත්අඩංගුවට ගන්නා බවද හෙතෙම කීය.
මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය
COMMENTS
සුපිරි වැඩක් බීපු අයට වැඩිය හරක් වගේ පාරේ එළවගන්නේ ගංජා ගහපු එවුන් උන්ව අල්ලන්න ඕවා අනිවාර්යෙන්ම ගෙන්න ගන්න ඕනැ.
මත්රියදුන් සේ ගමන් කරන ඕනම රියදුරෙක් අල්ලන් තාක්ෂණය යොදාගැනීම යෙහෙකි.
මොන තාක්ෂණය ආවාත් එක ක්‍රියාත්මක කරන පොලිසියේ සමහර අය පගාව ගැහැවුවොත් වැඩේ ඇලවෙනවා.
කොල්ලන්ට කොමිසන් පාරක් වැඩකරන්න යනවා වගේ...