(ඉන්දිකා  රාමනායක)

මත් මිශ්‍ර මුද්දර 275 හා හෙරොයින් මෝටර් රථ දෙකකින් ප්‍රවාහනය කරමින්  සිටි  සැකකරුවන් තිදෙනකු හෝමාගම පිටිපන  ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ  කාර්ය බලකායේ   සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 1 හි නිලධාරීන්ට ලද තොරතුරකට   අනුව පො.ප ඒ.ආර්.ජි.එච්.යු. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම  වැටලීමක් සිදුකර කළ විශේෂ කාර්ය බලකාය බළකාය කියයි.

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන බඩෝවිට සංජීව නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය මොවුන් මෙසේ ජාවරම් කර ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව LSD නොහොත් මත් මුද්දර 275 ක්,   හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5ක්, ජංගම දුරකථන  02 ද  තිබ ඇත 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇත.