(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන හයක සහභාගීත්වයෙන් ඊයේ රාත්‍රි සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පානය කළ පිරිස වෙනුවෙන් මත්ද්‍රව්‍යවල ආදීනව පෙන්වා දෙමින් ධර්ම දේශනාවකට යොමු කිරීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය අද බිනර පොහෝදින කටයුතු කළේය.

වැලිකඩ,වැල්ලම්පිටිය,මුල්ලේරියාව,කඩුවෙල,තලංගම,මිරිහාන යන පොලිස් වසම්වල සිදුකරන ලද මෙහෙයුමේ දි  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 200 කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසීය.

අත්අඩංගුවට පත්වූ සැකකරුවන්ගෙගේ ඇඟිලි සලකුණු ලබාගැනීම හා අනකුත් විමර්ශනයන්ගෙන් පසුව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පනාවකට අනුව  ඔබේසේකරපුර කෝට්ටේ චන්ද්‍රා ද සිල්වා ක්‍රීඩාංගණයට ⁣එම පිරිස කැඳවා මත්ද්‍රව්‍ය භාවිතයෙන් තම ජීවිතයට සිදුවන දේ ආදීනව කාලීන ධර්ම දේශනාවකට සවන්දීමට අවස්ථාව ලබාදුණි.

කෝට්ටේ නාග විහාරයේ විහාරාධිපති වතුරවිල සුජාත ස්වාමීන් වහන්සේ සිදු කළහ.