
(තිලකරත්න දිසානායක)
මත් පෙති 200 ක් සමග සැකකරුවන් දෙදෙනකු ගම්පහ නගරයේදී අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
සැකකරුවන් විසි හැවිරිදි වියෙහි පසුවන මාකොළ සහ මල්වාන යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
සැකකරුවන් යතුරු පැදියක ගමන් ගනිමින් සිටියදී ගම්පහ නගරයේදී අත් අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී දෙදෙනා සන්තකයෙහි තිබී මත් පෙති සොයා ගත් බවත් මොවුන් බියගම කර්මාන්තශාලාවක සේවයකයන් බවත් අපරාධ විමර්ශන කාර්යාංශය (1) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතා පැවසීය.
සැකකරුවන් පැමිණි අධික වටිනාකමකින් යුත් යතුරු පැදියද ජංගම දුරකතනද පොලීසිය අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සේවය කරන කර්මාන්තශාලාවෙහි මත් ලෝලීන්ට බෙදා හැරීමට මත් පෙති රැගෙන යමින් සිටියේදැයි පොලීසිය සැක කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.