(සනත් ගමගේ)
පැය දහයක් දොළහක් එක දිගට බස් රථ පදවන රියදුරන් මත්පෙති පානය කරන බවට පරීක්ෂණ වලින් හෙළි වී ඇති හෙයින් එසේ මත්පෙති පානය කර හසුවන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අහෝසි කරන බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (06) හම්බන්තොට දී පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හම්බන්තොට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පරිපාලන සංකීර්ණයේ නව ස්ථානයක ස්ථාපනය කිරීමෙන් අනතුරුව පැවැති රැස්වීමේදීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද කීය.
‘‘දිනකට රිය අනතුරු වලින් මේ රටේ පුද්ගලයින් නම දෙනෙක් මිය යනවා. සුදුසු පුද්ගලයින් රියදුරු අසුන් වල වාඩි නොවීමත් මෙයට එක් හේතුවක් වී තිබෙනවා.මෑත කාලයේ දී සිදු කරන ලද පරීක්ෂණ වලින් හෙළි තිබෙනවා. දුරගමන් සේවාවල යෙදෙන බස් රියදුරන් පැය දහය දොළහ එක දිගට රිය පැදවීමට ඔවුන් මත් පෙති පානය කරනවා. දැනටමත් එවැනි මත් පෙති පානය කළ රියදුරන් හසුවී තිබෙනවා. එසේ හමුවන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නවා.
කාන්තාවන්ට වෙනමම කෝච්චි පෙට්ටියක් මම අයින් කළා කාර්යාල සේවයේ යෙදන කාන්තාවන් වෙනුවෙන් කාටුන් ඇන්ද මට මේකට. මේ රටේ තිබෙන මානසික තත්ත්වය මේක තමයි.කාන්තාවන්ට අපි මොන හොඳ දේ කලත් කාටුන් වලට යන සංස්කෘතියක් මේ රටේ තියනවා. මේවා බලාගෙන වැඩ කරන්න ගියොත් කිසිම ඇමැතිවරයෙක් වැඩ කරන්නේ නැහැ.
මම පත්තරයක් වත් ටී වී එකේවත් ප්‍රවෘත්ති බලන්නේ නැහැ. නිවුස් බැලුවත් පත්තරේ බැලුවත් තියෙන්නේ බොරු. ඇඟේ ලේ පුච්චගන්න බැරි නිසා පත්තර හා ප්‍රවෘත්ති නොබල ඉන්නවා.ඇත්තද නැත්තද කියලා බලන්නේ නැහැ පත්තරේ දානවා. ඊට පස්සේ පොඩි කෑල්ලක් දානවා සමා වෙන්න කියලා.‘‘
COMMENTS
ලග එන" මහා පොරය සමගම " මෙවන් වැදගත් දෙයක් මතක්විමත් අරුමයක් නොවේ. කෙසේ වෙතත් සමාජයේ බරපතල ගැටළුවක් පිලිබදව දේශපාලන වාසියක් යටි සිතේ සගවා නොගෙන මෙම වැදගත් අදහස් ඉදිරිපත් කලේ නම් අප එය අවංකවම ඉතා ඉහලින් අගය කරන්නෙමු.
අපිටත් කියන තියෙන්නේ එකම තමයි. අපිට ලේ පිච්චේනවට අමතරව දැඩි හිරිකිතයකුත් දැනෙනවා දියවන්නාවේ ඉන්න හරකුන්ගේ ක්‍රියා ගැන. මොනවා උනත් යන්න ඔන්න මෙන්න කියල හරි සමාජයේ තියෙන ලොකු ව්‍යසනයක් දැකපු එක ගැන සතුටුයි. නමුත් ප්‍රමාද වැඩි ද මන්දා.
මේ හැම කෙනාටම මෙතෙක් කල් කළ යුතුව තිබුණු, නමුත් මෙච්චරකල් නොකරපු දේවල් වහාම කළ යුතුයි කියලා මොවුන්ට රෑට හීනෙනුත් පේනවා ඇති. අපේ හැම ආණ්ඩුවකම මැති ඇමතිවරු මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා හිතෙනවා මැතිවරණ කිට්ටුවෙනකොට.