IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


මැතිසබේ භාෂා පරිවර්තන නිලධාරියෙක්ට කොරෝනා

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු භාෂා පරිවර්තන අංශයේ නිලධාරියකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි එහි ආරංචි මාර්ග කියයි .

මේ පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් පසු එම නිලධාරියාගේ සමීපතම ආශ්‍රිතයෝ කිහිප දෙනෙක් නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.

පාර්ලිමේන්තු සේවකයන් 28 දෙනකු පි.සි.ආර් පරීක්ෂණවලට ඉකුත්  සිකුරාදා යොමු කෙරුණු අතර මෙම නිලධාරියාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ එම පරීක්ෂණවලදීය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලයෙන් කොවිඩ් ආසාදිතයකු හමුවීම නිසා එම කාර්යාලය පසුගියදා තාවකාලිකව වසා දමා එහි සෙසු සේවකයෝ නිරෝධායනයට යොමු කරනු ලැබූහ.

මේ අතර කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේ සෑම අංශයකටම සේවකයන් කැඳවීමද සීමා කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයට පිටතින් පිරිස් කැඳවීම ද නතර කර ඇත.

 



අදහස් (0)

මැතිසබේ භාෂා පරිවර්තන නිලධාරියෙක්ට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 350 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site