( තිළිණි ද සිල්වා, රංජන් කටුගම්පොළ සහ තරිඳු ජයවර්ධන )
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිනු ලැබීමේ ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ලබා දෙන තෙක් ගැසට් නිවේදන තාවකාලිකව අත්හිටුවමින් ලබා දුන් අතුරු නියෝගය දීර්ඝ කළේය.
දින හතරක් පුරා පැවැති පෙත්සම් විභාගය අද රාත්‍රී 7ට අවසන් කෙරිණි.
ඊට අදාල තීන්දුවට දින නියම කෙරුණේ නැත. කඩිනමින් තීන්දුව ලබා දීමට නියමිතය.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධීව බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ආරම්භ කෙරුණු ඉකුත් 04 වැනි දාය. එතැන් සිට අද දක්වා දිනපතා පෙත්සම් විභාගය සිදු විය.
අගවිනිසුරු නලින් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් යුතු විනිසුරු මඬුල්ලේ සාමාජිකයින් ලෙස ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කළහ.
දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඊ කන ඊශ්වරන් සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථා දෙකක් පමණක් සලසා දී ඇති බවයි.
පාර්ලිමේන්තුවක නිල කාලය ආරම්භ වී වසර හතරහමාරක් ගෙවුණු පසු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය ඉන් එක් අවස්ථාවක් බව එම ද නීතිවේදීන් පෙන්වා දුන්නේය.
ඊට අමතරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙන බවද එම නිතිඥවරු පෙන්වා දුන්නේය.
එහෙත් මෙම නඩුවට පාදක වී තිබෙන විසුරුවාහැරීම මෙම ප්‍රතිපාදන දෙකටම අදාළ නොවන බව පෙන්වා දෙන එම නීතිඥවරුන් එම විසුරුවාහැරිම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජේ. සී. වැලිඅමුණ මහතා කරුණු දක්වමින් ප්‍රශ්නගත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව පෙන්වා දුන්නේය.
ඊට අමතරව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, නීතිඥ ලාල් විජේනායක ඇතුළු පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වැනි සංශෝධනයට මුළුමනින්ම පටහැනි බවයි.
මේ අතර මෙම පෙත්සම් විභාගයට මැදිහත් වීමට අවසර දෙන මෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පවිත්‍රා වන්නිආරච්චි, සිසිර ජයකොඩි, චන්ද්‍රසිරි ගජධීර ,ජෝන් සෙනවිරත්න ඇතුළු නීතිඥ ධුර දරණ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු දස දෙනෙකු විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ඡායාරූප - ළහිරු හර්ෂණ







COMMENTS
මෙහි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කීපදෙනෙක් ගැන සඳහන්වීම ඔවුන්ට ධුර දැරීමට හිමිකමක් නැති බවට ගරු අධිකරණය විසින් දෙන ලද අතුරු තහනම් නියෝගය පරිදි නිවැරදි දැයි විමසුමට ලක් කරමි...
මෙය ඉඩම් නඩුවක් නොවන බව උසාවියට සිහිවේවා !!
අනේ මන්දා මොනවත් කියන්න බැහැ.. රටට මොකක්ද වෙන්නේ කියලා?
සංකීර්ණ කරුණු සහිත නඩුවක්. තීරණය ඉදිරියේදී රටේ නීතියක් වෙනවා. ලෝකයම බලා ඉන්න තීරණයක්. ඒ නිසා රටේත්, අධිකරණයේත් ගරුත්වය රැකෙන තීන්දුවක් දෙන්න විනිසුරුතුමන්ලා අතිශයින්ම වෙහෙසෙන්න වෙනවා. එය තේරුම් අරන් අපි ඉවසමු...
සංකීර්ණ කරුණු සහිත නඩුවක්. තීරණය ඉදිරියෙදී රටේ නීතියක් වෙනවා. ලෝකයම බලා ඉන්න තිරණයක්... ඒ නිසා රටේත්, අධිකරණයේත් ගරුත්වය රැකෙන තීන්දුවක් දෙන්න විනිසුරුතුමන්ලා අතිශයින්ම වෙහෙසෙන්න වෙනවා. එය තේරුම් අරන් අපි ඉවසමු.
මට පේන්නේ නොට් ෆෝ රනිල් බට් ෆෝ ද ඩිමොක්රසි කියලා. ප්රජාතන්ත්රවාදය කියකියා පක්ෂයේ නායකයාවත් වෙනස් කරගන්න තරම්වත් ප්රජාතන්ත්රවාදයක් නැති පක්ෂයකට කඩේ ගිහින්, සුමන්තිරන්ට ඕනෑවිදියට රටත් බෙදාගෙන රවියා ආයිත් මුදල් ඇමති කරගන්න දඟලන සීන් තියෙන්නේ... ලක්ෂ 62 මේ පාරත් පරිස්සමෙන්..
අපේ රටේ ප්රජාතන්ත්රවාදයට හෙන පහරක් නොවදීවයි ප්‍රර්ථනා කරමි.
විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන මේ සියල්ලන්ටම රට අරාජිකත්වයෙන් ඉක්මනින් මුදවා ගැනීමට කිසිදු වුවමනාවක් නැත. නඩුව අසා අවසන්ය. නමුත් තීන්දුව දෙන දිනයක් නැත. අැයි එලෙස වන්නේ.. කාගෙන් හෝ ප්‍රබල බලපෑමක්වත්ද? නඩු තීන්දුව කුමක් වුවත් ජනතාව එය පිළිගන්න සුදානම්... රට තවතවත් අගාධයට ඇද දමන්නේ අැයි? රටවැසියන් සියල්ල බලාපොරොත්තු වූයේ සඳුදාට තීන්දුව ලැබේවි කියායි. අහෝ දුකකි, එය පේන තෙක් මානයක නැත.. ව්‍යවස්ථානුකූලද?, අනනුකූලද යන්න දීමට නොහැකි වීමට හේතුවක් තිබිය යුතුය. ඔය දෙකෙන් කුමක් හෝ අපට ලබා දෙන්න. මෙම අවස්ථාවේදි අපට ජනාධිපති මහින්ද හෝ රනිල් කියන සාධක වැඩක් නැත. නඩු තීන්දුවයි අවශ්‍ය වන්නේ. තනාපතින්ට අවශ්‍ය මැතිවරණයක් නොපවත්වා රනිල් අගමැති කරවීමයි. කුමක් හෝ ප්‍රබල බලවේගයක් නම් මේ සඳහා බලපෑවවත්ද...? වන්ෂොටි අයියාගේ කටට මසුරං දාන්න වටින බව දැනුයි වැටහුනේ "එහෙම වෙන්නේ අැයි අයි ඩොන්ටි නෝ වයි"" සින්දුව නම් නියෙමට ගැලපෙනවා.
මැතිසබය විසුරුවීමට සහ මැතිවරණය පැවැත්වීමට අපි එකඟයි... අපි යනු ජනතාවයි. අධිකරණය ද මෙය පිළිගනු ඇත.
දැන් නං ජනතාවට කිසි කෙනෙක් ගැන විශ්වාසයක් නෑ.
ආණ්ඩුව විසුරුවීමටත් මැතිවරණයක් පැවැත්වීමටත් ජනපති ගත් තීරණය ඉතා නිවරැදියි. රට විනාශ කරමින් රටේ සම්පත් අවභාවිතා කරමින් අගමැති හැසිරෙන විට, ව්‍යවස්ථාව ගැන සිතමින් තවත් දීර්ඝ කාලයක් සිටිය යුතු නැත. එම කාලය රටේ ඉතිරි වී ඇති සම්පත් ටිකද විනාශ කිරීමට අගමැතිට හැකි හෙයින් රටේ යහපත ගැන සිතා ඔහු ඉවත් කිරීම ඉතා කාලෝචිතයි...
ජනතාවගේ කැමැත්ත විමසන්න අවශ්‍ය නැත්නම්, අවසන් තීරකයා ශ්‍රේෂ්ඨාධිකරණය නම්, අගමැති සහ කැබිනට් මණ්ඩල මොකටද? නිකන් පාර්ලිමේන්තු පවත්වන්නයි, ඡන්ද තියන්නයි, ජනමතය විමසන්නයි රටේ මුදල් නාස්ති නොකර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ම පත්වෙලා රට පාලනය කළානම් වැඩේ ඉවරයිනේ... එතකොට නීතියට, රෙගුලාසියට වැඩේ වෙනවනේ...
මෙතක කුමක් හෝ යටි අරමුණක් අැතිවයි නඩු තීන්දුව කල් දාන්න අැත්තේ. ජනාධිපතිතුමා, කථානායකවරයා, රනිල් මෙන්ම මහින්ද යන මහත්වරුන්ටවත් තියා අධිකරණයටවත් රටේ අාරාජික බව නැති කිරීමට වුවමනාවක් නැත. දින නියමයක් නොමැතිව කල් යන්නේ යැයි හේතුවක් තිබිය යුතුය. වන්ෂොට් අයියගේ කථාව දෙවරක් සිතිය යුතු අවස්ථාවකි. තානාපතින්ට අවශ්‍ය මැතිවරණයක් නොතබා රනිල් මහතා පත්කර ගැනීමයි. මහබැංතු මෙන්ම යු.එස් ඩොලර්ද රටතුළ මෙම ගැටළුවට මැදිහත් වෙලාද මන්දා...
අනුර, ඔබේ නීතියේ දැනුම ප්‍රදර්ශනය කරන්න එපා. රටක වව්යවස්ථාවේ අනුවයි සියල්ල සිදුවිය යුත්තේ...
එතකොට අර පොරොන්දු වෙච්ච දිනතතත එ්කට මොකද වෙන්නෙ?
අපිත් කැමති මැතිවරණයකට... ඉස්සෙල්ලම මේ ජනාධිපතිව වෙනස් කරන්න ජනාධිපතිවරණයක් තියලා රට හදනවා නම් ගොඩක් හොඳයි.
මෙය අපේ රටේ ප්රජාතන්ත්රවාදයේ විශ්වාසනීයත්වය සහ ව්‍යවස්ථාවට ගරු කිරීම පිළිබද තීරණයක්. සියලු ශිෂ්ඨ සම්පන්න ජාතීන් අප දෙස බලා සිටින අවස්ථාවක, අධිකරණය නිවැරදි තීරණ දෙනු ඇතැයි සිතමි.
විදෙස් බලපෑමේ තරමයි මෙයින් පැහැදිලිවන්නේ, මේ අයට පාඩමක් උගන්වන්න අපි පාට පක්ෂ භේදයකින් තොරව එක්වෙමු..
ජනමත විචාරණයක් පවත්වා ජනතා අයිතියට මෙය භාජනය කරමුද?
ව්‍යවස්ථාවෙන් ගනංගන්න එපා කියල ඔබ කියනඑක ගැන හරිම කනගාටුදායකයි. රටේ කොටස් වික්කෙ කවුද කියල පෝට් සිටි, ශ්‍රැංගිලා වගේ තැන්වලින් ඔබට දැනගන්න පුලුවන්. අද ලෝකයේ බොහෝ රටවල් තම සේවාවන් විදේශයන්ට, පෞද්ගලික අංශයට පවරනවා. මම ඉන්නෙ දියුණුම රටක.මෙහෙ හැමදෙයක්ම කොටින්ම ගුවන්තොටුපල පවා රජයට අයිති නෑ. අද රටවල් දියුණුවෙන්නෙ එහෙමයි. සම්ප්‍රදායික අදහස් වලින් මිදෙන්න, ඔබේ පක්ෂෙ මොකක්වුනත් ප්රජාතන්ත්රවාදය පළමුකොට සලකන්න
එක රැයෙන් විනාශ කල දේ ට තීන්දු ඒ අයුරින් දෙන්න බෑ.
ඔබ සියලුදනාටම අධිකරණයේ පිහිටයි, අාරක්ෂාවයි.