(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
ආබාධිත තැනැත්තන්ට අපහාසයක්, අවමානයක් හෝ වේදනාවක් ඇතිකරවන වදන් භාවිත නොකරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද(2) පැවසීය.
අධිකරණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව ඊයේ(01) පැවති විවාදයේදී රාජ්‍ය අමාත්‍යවරයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අතර ඉතාමත් අසභ්‍ය වචන භාවිත කරමින් පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානි කරමින් කටයුතු කිරීම ගැන කණගාටු වන බව කී කතානායකවරයා මැති සබයේ අභිමානය හා ගෞරවය කෙලෙසන ආකාරයෙන් වාද විවාදවලදී වචන භාවිත නොකරන ලෙසද සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
කතානායක නිවේදන යටතේ ප්‍රකාශයක් කරමින් කතානායක කරු ජයසූරිය මහතා මේ බව පැවසීය.
COMMENTS
මොනවා කරන්නද කතානායකතුමනි අපේ රටේ බුද්ධිමත් ඡන්ද දායකයෝ බහුතරයක් පත් කරලා එවන්නේ මේ වගේ මොලේ අබාධ තියෙන මහජන නියෝජිතයෝනේ.
පාර්ලිමේන්තුවේ වැඩි හරියක් අඩුගානේ සාමන්‍ය පෙළවත් සමත් නැති නුගත්තු. අති බහුතරයක් (ඉන්න සුළු උගත් උදවියත් ඇතුළුව) හොරු, මංකොල්ලකාරයෝ, ජාවාරම්කාරයෝ, මගඩිකාරයෝ. වැදගත්, රටට වැඩක් අති, රටේ මිනිස්සුන්ට වැඩක් ඇති විවාදයක් කවදද උනේ ඕක ඇතුලේ - තමන්ගේ බඩ වඩාගන්න, හොරා වහගන්න, හොරකන්න මාර්ගයක් පාදගන්න කියවනවා ඇරෙන්න? ඉතින් එවැනි තක්කඩින්ගෙන් ඔයිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
මෝඩ තකතිරුවන්ටත් අපහාස කරන්න එපාද? නෑ මං එහෙම ඇහුවේ ඕක ඇතුලේ ඉන්න කට්ටිය නිතරම එකිනෙකාට අපහාස කරගන්න හින්දයි.
කතානායකතුමනි, ගැත්තන්හට සමාව දෙන්න. ඔවැනි අටපාස් නැති උදවිය පත්කරලා එවපු ඡන්ද දායකයෝ සියල්ලෝම ආබාධිතයෝ වෙති. සමාව දීම දේව ගතියකි යන පාඨය සිහියේ තබාගෙන එම උදවියට මෙවර සමාව දෙන්න. ලබන පාරවත් හිතාමතා තම වටිනා ඡන්දය පාවිච්චි කරන හැටි ඔවුන්ව දැනුවත් කරන්න වැඩ පිළිවලක් ඉක්මනින්ම යොදවන්න.
මේ කට්ටියගේ පවුල්වලත් ඉන්නවනේ. ආබාදිත අය එහෙම. උන්ට තමන්ගේ වැරැද්දට වැඩිය අනනුන්ගේ වැරැද්ද පෙන්නේ ආබාදිත වුනත් නම්බුකාර. විදියට ජිවත් වෙනවා. , අනුන්ගේ දේ. කඩා වඩා ගෙන. කන සිරිතක්. නැහැ. මොන විදියෙන් හරි ඉගෙනීම අවසන් කරලා. ඉන්නේ ,බුද්ධිය තියෙනවා , සමහර වාචාලයෝ ඉන්නවා සුදු ඇදගෙන සභාවට එන්නේ මහාචාර්ය. පට්ටම ගත්තා වගේ. නමුත් දෙවරක් චක්කරය දන්නේ. නැහැ , ආබාදිත කට්ටියට වෙන්කරන මුදලුත් හොරෙන් කන්නේ. මේවගේ උන්. ලංකාවේ නුගත්ම කට්ටිය. ගැවසෙන. තැනක් තමයි. ඔය. ස්ථානය. , බුද්දීමතුත් ඉන්නවා නමුත් ඔවුනුත් මේ නුගතුන් වෙනුවෙන් කඩේ යන. අවස්ථා. ඕන. තරම් තියෙනවා
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න බහුතර මන්ත්‍රීලාට දන්නේ අසභ්‍ය භාෂාව තමා.
සාමාන්‍යයෙන් මිනිසුන් ආබාධිතයන්ට අපහාස වෙන ආකාරයට හෝ උසුළු විසුළු නොකරන බව අප සැවොම දන්නා කරුණකි. එමෙන්ම ආබාධිතයන් විසින් ආබාධිතයන්ට අපහාස කරන අයුරු අප සමාජයේ ඕනා තරම් දැක තිබෙන අතර මේ මොහොතේත් එය සිද්ද වෙන බවත් කිවයුතුය. දියවන්නාඔයේ 225 ම මොලේ ආබාධිතයන් මෙන්ම මන්ද බුද්ධිකයන් බැවින් මෙහි සැමදාම එකිනෙකාට බැන ගැනීමක් පොර සටනක් සිදුවන බැවින් මෙය එතරම් සිතට ගත යුතු නැත.
ශරීර අඩුපාඩු ඇති අයහට අපහාස කරන්නේ.. අඩුපාඩු ඇති අය පමණක් බව කරූ නොදන්නේ... 225 ම මොලේ අඩු අය බව සිරිලක දන්නවනේ.. කවදා මගේ රට ගොඩ ඒද අපි නම් නොදන්නේ....
පාර්ලිමේන්තුවට පත්වීමටත් අධ්‍යාපන සුදුසුකම් නියම කරන්න. ඒ අතරම දහම් අධ්‍යාපනයෙන් ධර්මාචාර්ය විභාගයවත් නියම කරන්න. එවැනි සුදුස්සන්ගෙන් පත්වන අයට චර්යා ධර්ම පද්ධතියක් ඇතිකරන්න. එවිට මේ තත්වයන් වෙනස්වේවි.
අලුගොසුවකු වීමට අපොස සාපෙ වැඩ 6ක් සහ සම්මාන දෙකක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවට කටක් විතරයි ඕනේ. කොල්ලෝ කෙල්ලනේ, මුහුණු පොතේ එල්ලිලා ඉන්න නුඹලාට වෙන්නේ වතුර ටිකක් බොන්න නැතිව මැරෙන්න. උගතුන්, බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන්න.