(අජන්ත කුමාර අගලකඩ )
ලබන වසර මැතිවරණ වසරක් බැවින් ඊට මුහුණදීමට සූදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට අද (24) දැනුම් දී ඇත.
පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වෙන බවත් ඇතැම්විට මහමැතිවරණය වුවද ලබන වසරේ පැවැත්විය හැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද(24) පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම අමතමිනි.
සංවිධායකධුර පුරප්පාඩුව පවතින ආසනවලට සහ සංවිධායකයින් සිටින ආසනවලට අලුතින් සංවිධායකවරුන් ජනවාරි මස මුලදී පත්කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
බණ්ඩාරනායක දිනය යෙදෙන ලබන මස 8වැනිදා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අලුත් මුහුණුවරකින් ආරම්භ කරන බවත් සංවර්ධන කටයුතු රැසක් එදින ජනතා අයිතියට පැවරීමට කටයුතු යොදා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ යැයි මහලේකම්වරයා කීය.
පක්ෂයේ ප්‍රතිසංවිධායක වැඩපිළිවෙළ පිළිබඳව ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී පුළුල් ලෙස සාකච්ඡා වූ බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රීට ගැලපෙන මහලේකම් කෙනක්. මේ පාර සමස්ථයක් වශයෙන් දිවයින පුරා 10% අඩු ප්‍රතිෂතකයක් තමයි ගනීවි. මෙහම ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවී යනවා.
මෙතුමාට මැතිවරණ සහ විදේශ සංචාර හැර වෙන කිසිවක් හිතේ නැහැ. නින්ද යන්නෙත් නැතිව ඇති. අනේ අපේ රටට ගිය කලක්. සරත් ෆොන්සේකා කියපුව තමා මතක් වෙන්නේ.
රටේ ජනතාව මෙවර බැංකු කඩපු අයව මුලින්ම ගෙදර යවන වසර
තවත් තුරුම්පුවක්වත්ද?
ජන්දෙට ලෑස්ති උනාට වැඩක් නෑ. මේයා ඊලග ඡන්දෙන් ගෙදර තමයි. මුළු ලංකාවෙන්ම ඡන්ද ලක්ෂ 5 ක් ගන්නේ නෑ,
මැතිවරණයක් නැතුව හරි කමක් නෑ මෙන්න මේයාව ගෙදර යවලා ඉමු.
හෆීල් - දිය වෙන්න දෙයක් නැහැ. දිය වෙලා ඉවරයි. අතට ඇඩ්ඩ්‍රස් නැහැ.
"ශ්‍රිලනිප ආසන සංවිධායකවරු" එහෙමත් කට්ටියක් තවම ඉන්නවද ?
රටේ ශ්‍රී ල නි ප සංවිධායක වරු වඳවී ඇත , පොහොට්ටු සංවිධායක වරු නම් හතු පිපෙන්නාක් මෙන් රටේ හැමතැනම බිහිවී ඇත ,
මැතිවරණ ගැන අපි බලා ගන්නම්, පින්සිද්ධ වෙයි ඔබ තුමා කට වහගෙන ඉන්නවද ලබන අවුරුද්දේ වත්? නැත්නම් ඉතින් ඒ අවුරුද්දත් විනාශයි??
මැතිවරණ කර කර හිටියම ඇති අනික් ඔක්කොම දැන් අංග සම්පුර්ණයිනේ අනේ අනේ අපේ රටට වෙච්ච දෙයක්. ඔය මුදල් වලින් මීහරක් ටිකක් ගත්තනම් කුබුරු ටික අස්වද්දන්න තිබුන අගේට. මැතිවරණෙ පැත්තක දාලා එහෙම හොද නැද්ද? හා
පරදින එක විස්වාසයි එය විදගන්න ඉදිරි වසර සුදානම් වෙන්න
මෙයාගේ වැඩපිළිවෙල වැරදි බව ඇත්ත. ව්‍යවස්ථාව කඩපු එකත් ඇත්ත. මහින්දට තල්ලුව දෙන්න හදපු එකත් ඇත්ත. කටට බ්රේක් නැති එකත් ඇත්ත. හැබැයි ඒ වගේම රනිල්ලාගේ අමු පට්ට හොර වැඩ ටිකක් හරි පාලනය වුනේ මෙයා නිසා කියන කාරණයත් ඇත්ත. ඊ ළඟ මහ මැතිවරණය පවත්වන තුරු මේ ආණ්ඩුවෙන් කරන්න හදන හොරකම් වෙතොත් ඒවා නවත්වන්න පුළුවන් හොඳම තැනැත්තා මෙයා තමයි කියන එකත් ඇත්ත.
2015 ජනවාරි වල රැවටුන සහ පාවාදීමකට ලක් වූ සියලු ඡන්දදායකයන්ගෙන් ඡන්දය දීමට උනන්දු කරවූ ඒ ඒ පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන විසින් පළමුව ඡන්දදායකයින්ගෙන් සමාව ගත යුතුයි .
අවුරුදු 3ක් ගහපු බොරු........ ජනතාව මේ පාරනම් රැවටෙන්නේ නෑ....
මෙයා ආවේ හංසයාගෙන් දැන් මෙයාට ඒවා මතක නැහැ.
මේ සැරේ.... බැංකු කතාව තමා දැන්...... කරලියේ ..... රටම බංකොලොත් කරේ 2015
2015 රට දුන්නේ හොඳට කරන්න..... සිංගප්පූරුවක් කරනවා කිව්වා.... ඉතියෝපියාවක් වෙන්න ගියේ්....
මේ සියලු මැතිවරණ එකම දිනයක පවත්වන්න පුලුවන් ද....? චන්දය දීමට සුදුසු කිසිවෙක් නැත කියලා කතිරෙ ගහන්න කොටුවකුත් දාන්න.....
මට තේරෙන්නේ නැති නිසා මම මේ අහන්නේ එතකොට ලබන වසරේ මැතිවරණ විතරමද ? අනේ කියන්නකෝ වෙන සංවර්ධන වැඩ කටයුතු මුකුත් කෙරෙන්නේ නැතෙයි?
රටත් අනලා සහ පක්ෂයත් නන්නත්තාර කරලා ඡන්දයකට ලෑස්ති වෙන්නලු.
මේවා අහලා රටේ මිනිස්සුන්ටත් දැන් පිස්සු.
අනේ මහත්තයෝ, අපට පවු නොදී , දැන්වත් නම්බු පිටින් යන දිහාක යන්න. ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු කෙනෙක් අපිට උවමනා නැහැ.
අවුරුදු 5 යනවා කියලා නේද පටන් ගත්තේ නේද? රනිල් අගමැති උනොත් පැයෙන් යනවකීව නේද? කිසිම විස්වාසයක් නැති මනුස්සයෙක්. අපි බලගෙන ඉන්නේ ඡන්දේ දෙන්නම තමා.
රටට යන කල ගැන හරි දුකින් තමා අපි දැන් ඉන්නේ
තරඟ කරන්නේ ආප්පය ලකුණින් වෙන්න ඇති.
අනේ අපේ ජනාධිපතිතුමා කියපු එකක්වත් ඉෂ්ට කළාද? ඔබතුමා නිකන් සවුත්තු වුනානේ නිර්පාක්ෂික වෙනවා.. නැවත මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නැහැ රාජපක්ෂලාට මේ රටේ දේශපාලනයට එන්න ඉඩ තියන්නේ නැහැ.. වැල් බයිලා ගහලා දැන් බයියොත් එක්ක ගුලිවෙලා වැල් ගාලේ පැටලිලා... පැයෙන් පැය පුවත් මවනවා ඊට වඩා දෙයක් කරන්නේ නැහැ. පරාජය භාරගන්න සුදානම් වෙන්න...
අනෙක් පුද්ගලයෝ ඡන්ද ඉල්ලුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔහුට හැර.. මන්ද ඔහු ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් නැවත ඡන්දයකට ඉදිරිපත් නොවී නිර්පාක්ෂික වෙමි කියා ප්‍රසිද්ධියේ වාචික ප්‍රකාශයක් කළා.. දී තිබෙන පොරොන්දුව කඩකළොත් සියලු සාක්ෂි මත උසාවියාමට ජනයා පොළඹවනවා.
අපි රෙඩි! පැන්සලත් ගෙදරින්ම ගේන්නම්. දෙන්නම් මේ සැරේ එජාපයට හොම්බෙන් යන්න.