(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතුවල නිරත පිරිස වෙනුවෙන් මැතිවරණ කොමිසම රුපියල් කෝටි 2ක පමණ ණය බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(26) පැවසීය.
රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයට, මැතිවරණ රාජකාරී කළ ගුරුවරුන්ට සහ මැතිවරණ කාර්යාලවල නිලධාරීන්ට තවමත් ගෙවිය යුතු දීමනා ගෙවා නැතැයිද එහිදී දේශප්‍රිය මහතා පැවසීය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභාපතිවරයා මෙසේද කීය.
“අපි ගිය අවුරුද්දේ රුපියල් මිලියන 3210ක් ඉල්ලුවා. ඒත් අතුරු සම්මත ගිණුමෙන් අපට ලැබුණේ රුපියල් මිලියන 1004ක් පමණයි. මේ වසරේ අතුරු සම්මත ගිණුමෙන් මුදල් ලබාගන්නත් බැරිවෙලා තියෙනවා. ඒ අනුව අපට ණය ගෙවාගන්න අමාරුයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, ස්වදේශ කටයුතු අමාත්‍යංශය මැතිවරණ රාජකාරී කළ නිලධාරීන්ට ඒ අමාත්‍යංශවල මුදලින් ගෙවලා. ඒ අයත් අමාරුවේ වැටිලා.
කොහොමවුණත් පාර්ලිමේන්තුව විසුරුවා හැරියට පස්සේ මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගැනීමේ හැකියාව ජනාධිපතිවරයාට තියෙනවා. ඒ අනුව මුදල් ලැබෙන ඇතැයි අපේක්ෂා කරනවා. ජනාධිපතිවරණයේ වියදම් හැකිතාක් සීමා කළ නිසා රුපියල් කෝටි 550ක පමණ වියදමක් සිදුව ඇතැයි උපකල්පනය කළ හැකියි ” යැයිද පැවසීය.
2025 දෙසැම්බර් මස 04
476
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
466
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘මැතිවරණ රාජකාරිවල නිරත වූවන්ට කොමිසම කෝටි 2ක් ණයයි’
sas Thursday, 27 February 2020 03:23 AM
මෙය මීට පෙරත් මම මේ තීරුවෙන් ලියා තිබේ. දියුණු රටවල මැතිවරණ රාජකාරී කරන්නේ ස්වේච්ඡා සේවකයන්ය. ඔවුන් මැතිවරණ රාජකාරී අවසන් වූ පසු තමන්ගේ සුපුරුදු රැකියා වලට යති. මැතිවරණ කාර්යාලයේ සිටින්නේ ඉතා සුළු ගණනක නිත්‍ය සේවකයන් පිරිසක් පමණි. මැතිවරණ වියදම් අල්ප කරගෙන තිබේ.