IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මැතිවරණ නඩු විභාගයට විශේෂ අධිකරණයක් ඉල්ලයි

(විනීතා එම් ගමගේ)

මැතිවරණ ආශ්‍රීත නඩු විභාග කිරිම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම අවශ්‍ය බව මැතිවරණ ප‍්‍රචණ්ඩ  ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය යෝජනා කරයි.

එවැනි අධිකරණයකට සුවිශේෂී බලතල ද තිබිය යුතු බවත් අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම මෙන් කෙලින්ම බී වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමේ බලතල මැතිවරණ කොමිෂන් සභාවට ද ලබා දිය යුතු බවත් තමන් යෝජනා කරන බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවසීය.

එවැනි අධිකරණයක් පිහිටුවා මැතිවරණ කොමිසමට පුළුල් බලතල දෙන්නේ නම් එම කොමිසමේ නීති අංශය වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව ද ඔහු සඳහන් කළේය.

මැතිවරණ ක‍්‍රියාවලිය තුළ නිරායාසයෙන්ම සංශෝධනයට ලක්විය යුතු නීති රාශියක් ඇති බවත් එහි ලා සැමගේ අවධානයට යායුතු එක් කෙෂත‍්‍රයක් වන්නේ මැතිවරණ ආශ‍්‍රිත නඩුකරයන් බවත් කී ගජනායක මහතා එහි පවත්නා කාර්යක්ෂමභාවය ද අතිශයින්ම වැදගත් වන බව ද කියා සිටියේය. 

මැතිවරණ ආශ්‍රීත නඩුවක් යනු ඉඩම් නඩුවක් සේ වසර ගණනක්  ගලායන එකක් වන්නේ නම් නම් ඉන් අපේක්ෂිත ප‍්‍රතිපල ළඟා කරගත නොහැකි වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

මෙරට මැතිවරණ ආශ්‍රීත නඩුකර දෙස බලද්දී පැහැදලි වන්නේ මැතිවරණ ආශ්‍රීත පෙත්සම් සම්බන්ධයෙන් ගත කර ඇති කාලය බොහෝ අවස්ථාවන් හිදී අසාමාන්‍ය බවක් පෙන්වන බව යැයි ද එයින් පළමු වැන්න වන්නේ පුදුකුඩුඉරිප්පු හා මැරිටයිම්පත්තු යන ප‍්‍රාදේශීය සභාවන් සඳහා පැෆරල් සංවිධානය මීට වසර කිහිපයකට පෙර ඉදිරිපත් කළ මැතිවණ පෙත්සම බවත් එම පෙත්සම අවසන් වනවිට එම ප‍්‍රාදේශිය සභාවේ නිල කාලය ද ඉක්ම ගොස් තිබු බව ගජනායක මහතා පෙන්වා දුන්නේය. 

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡුන්දය ද පැවැත්වීමට නියමිතව පැවැතියේ මීට වසර එක හමාරකට පෙර දී වන නමුත් එක් දේශපාලන පක්ෂ්‍යක් එහිදී ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරමින් එහි මැතිවරණය අභියෝගයට ලක්කරනු ලැබීමෙන් පසු වසර එක හමාරකට පසු එහි තීන්දුව ප‍්‍රකාශයකට පත් කරනු ලැබු බව ඔහු පෙන්වා දුන්නේය.



අදහස් (1)

මැතිවරණ නඩු විභාගයට විශේෂ අධිකරණයක් ඉල්ලයි

Chanak los angeles Saturday, 19 October 2019 01:36 AM

ඒක හොඳයි ... වැරදිලාවත් ගෝඨා ආවොත් ඔහු ඇමරිකානු පුරවැසියෙක් කියලා අධිකරණ තීන්දුව ගන්න ගොනුකරන නඩුවට පහසුයි වගේම ඉක්මන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 67 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site