IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස් ගන්න යයි

(ඩයනා උදයංගනී)

පළාත් සභා මැතිවරණය කල්යාම ගැන කණගාටු වන බවත්, එය ඉක්මනින් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගත යුතු ක‍්‍රියාමාර්ග මොනවාදැයි යන්න ගැන ශ්‍රේඨාධිකරණයෙන් උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය.

  සීමා නිර්ණය කමිටු වාර්තාව සමාලෝචනය කිරීම සඳහා පත්කර තිබූ කමිටුවේ නිල කාලය මේ වන විට අවසන් වී ඇතත් එහි  කළේය.

  ඉදිරි සති තුනක පමණ කාලය ඇතුළත ශ්‍රේඨාධිකරණයට ගොස් මෙම උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා කියා සිටියේය.

 එම කමිටුව නියෝජනය කරන හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් ආනන්ද රත්නායක මහතාගෙන් ඒ ගැන විමසූ විට කමිටුව වාරතාවක් සකස් කිරීමට තරම් සමාලෝචනයක් සිදු කළේ නැති බව පැවසූයේ යැයි ද සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.

එබැවින් මේ සම්බන්ධයෙන් කතානායකවරයා ගන්නා පියවර සම්බන්ධයෙන් ද ලිපියක් මගින් විමසීමට මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තු වන බව මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කළේය.

 මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභා ශ‍්‍රවණාගාරයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

දැනට සකස් කර ඇති සීමා නිර්ණය වාර්තාවට මැතිවරණ කොමිසම හා පළාත් පාලන අමාත්‍යාංශ නිලධාරීන් එක්ව ලබාදුන් සංශෝධන හා ඇමුණුම් එක්කර ගැසට් පත‍්‍රයේ පළ කර එය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව  ජනාධිපතිවරයාට ඇති බව කී සභාපතිවරයා එයට පාර්ලිමේන්තුවේ අනුමැතියද අවශ්‍ය බව කීවේයඑසේ නැතිනම් නව පනත සංශෝධනය කර බලාත්මක වීම කල්දමා පැරණි ක‍්‍රමයට ඡන්ද විමසීම පැවැත්විය හැකි බව කී කොමසාරිස්වරයා යළිත් පාර්ලිමේන්තුව කැඳවා මෙම කටයුතු සිදුකිරීමට කාලයක් ගතවන බව ද සඳහන් කළේය.

ශ්‍රේඨාධිකරණ උපදෙස් ගැනීමට තීරණය කළේ ඒ නිසා බව ද ඔහු කීවේය.

දේශපාලනඥයින්, ජනමාධ්‍ය, සිවිල් සංවිධාන, මහජනතාව ආදී සියලූ පාර්ශව දෝෂාරෝපණය කරන්නේ මැතිවරණ කොමිෂන් සභාවට වුවත්, මැතිවරණ කොමිසමට ඇතැම් තීරණ ගත නොහැකි බව කී සභාපතිවරයා එසේ කරන්නට ගියහොත් කොමිසම වැරදි කරුවන් විය හැක බව ද සඳහන් කළේය.

නීති හැදීමේ සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට වුවත් මැතිවරණ ප‍්‍රමාදය වැළැක්වීමට අපට ගතහැකි ක‍්‍රියාමාර්ගයක් තිබේද යන්න ශ්‍රේඨාධිකරණයෙන් විමසීම තම බලාපොරොත්තුව බව ද ඔහු ප‍්‍රකාශ කළේය.

 පළාත් පාලන ආයතනවල දිගු කාලයක් තිස්සේ නිලධාරී පාලනයක් පවත්වාගෙනයාම වැරදි බවටත් එය ඒකාධිපති පාලනයේ නිවුන් සහෝදරයා ලෙසටත් දන්වා තමන් දේශපාලන පක්‍ෂ වෙත යොමු කළ ලිපිය සැර ලිපියක් කියා මාධ්‍ය වාර්තා කළ බව කී සභාපතිවරයා එහි කරුණු සැර වුවත් භාෂාව මෘදු යැයි ද කීවේය.

 තමන් යළිත් දේශපාලකයින්ට මෙවැනි ලිපි නොලියන බව කී සභාපතිවරයා එවැනි ලියුම් ලිවීමෙන් පලක් නැතැයි ද කියා සිටියේය.

                               

 

 



අදහස් (3)

මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස් ගන්න යයි

සෙනෙවි Monday, 29 October 2018 10:25 AM

රනිල් යනකම්ම හිටියා නඩු දාන්න.

:       0       104

Dr.sagara Monday, 29 October 2018 11:11 AM

මෙච්චරකල් මොකද කලේ.. බොරු කාරයා

:       0       152

rocky Tuesday, 30 October 2018 12:03 AM

ආයේ මැතිවරණ ඕන වෙන එකක් නැහැ වගෙයි මහත්තයෝ. මැතිවරණ, ව්‍යවස්ථා ඔකොකොම අහෝසි! චීනාත් මැදිහත් වෙන්නේ නැහැ කියනවනේ! ස්වාධීන නිදහස් රාජ්ජෙකට මැතිවරණ ඕන නැහැ. රජකම උරුමෙට අනුවයි!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23505 22

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18120 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10852 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 558 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 170 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site