(විනීතා එම් ගමගේ)
මැතිවරණවල දී ආගමික ස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම නැවත සළකා බලන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානය කියයි.
පසුගිය ජනාධිපතිවරණයේ දී සමහර අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ආගමික නායකයන් පියවර ගැනීමත් සමහර සිද්ධස්ථාන මැතිවරණයේ දී අපේක්ෂකයන් ප්‍රවර්ධනයට යොදා ගැනුණ බව නිරීක්ෂණය වීමත් හේතුවෙන් මෙසේ ඉල්ලා සිටින බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
ආගමික ස්ථාන ස්වාධීන විය යුතු බවත් පක්ෂ පාට හෝ තරාතිරම් අනුව වෙනස් නොවිය යුතු බවත් කී හෙට්ටිආරච්චි මහතා ඒ පිළිබඳව නොසලකා කටයුතු කිරීම හේතුවෙන් මැතිවරණයක පැවතිය යුතු නිදහස් හා සාධාරණභාවයට හානි සිදුවිය හැකි බැවනි මෙම තීරණය ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම මැතිවරණයේ දී දිගුකාලින වශයෙන් විසඳුමක් සොයාගත යුතු ගැටළු ලෙස මෙවර මැතිවරණය නිරික්ෂණයේ දී හඳුනාගත් ගැටලුවක් වන්නේ දුර බැහැර ප්‍රදේශවල ඡන්ද දායකයන්ට කිලෝමීටර් ගණනාවක් ගෙවා ඡන්ද පොලවලට යාමට සිදුවීම හා ආබාධ සහිත පුද්ගලයන්ට ඡන්ද පොළට ප්‍රවේශය නොමැති කම යැයි ද හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.
COMMENTS
මීට වඩා සුදුසුයි ජනතාව එවන් ආගමීක ස්ථාන මගීන් සිදුකරන තම ආගමීක මූලධර්මයන්ට කොතෙක් දුරට ගැළපේදැයි සිතා බලා එවන් අකටයුතු ආගම් වලින් ඈත්වීම. බොහෝ රටවල තිබූ ආගම් අතහැර වෙනත් ආගම් වැළද ගැනීමට මෙවන් කරුණු පාදක වන්ට ඇත.
ඔවා කියන්න ජාතිවාදය අවුස්සන අයට....
ඒවා ආගමික ස්ථාන නොව ඒ ස්ථාන මැතිවරණ කාර්යාල ලෙස අනාගතේ නම් කරාවි මහජනයා..
පංසල දේශපාලනය කරමින් කොසොල් රජුගේ 11 වන සිහිනය සැබැ කළ බව පැහැදිලිය. බුදුන් වහන්සේ දේශනා නොකළ එහි අනිත් බරපතලකම නම්, පංසල විසින් පාට-පක්ෂ මත පිහිටා දෙකට බෙදුවේ සිංහල-බෞද්ධයෝය. එය ජාතිය දෙකඩ කිරිමකි. පන්සලෙන් බුදු දහමත්, දේශපාලනයත් බේරා ගැනීමට කාලය එලැඹ ඇත.
අදහස හොඳයි, හැබැයි බෞද්ධ පන්සල් වලට පමණක් මෙය අදාළ උනොත් ඊලග ප්‍රතිඵල මීට වැඩ දරුණු විය හැකියි.
මේ සේරම දේවල් කරන්නේ මහින්දයි, හාමුදුරු ගොල්ලයි, වෙන කවුද? මහින්ද තිරුපති කෝවිලෙත් ඡන්ද පොළ තියයි.. ඒ ළඟ හිටියා නම්, මෙතරම් භක්තිමත් නම්, කොහොමද? රටට මෙතරම් විපත්...