(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන කේ. මතිවාන්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාට අද (29 වැනිදා) ලිඛිතව දැනුම් දුන්නේය.

 
මෙම ඉල්ලාඅස්වීම පිළිබඳව මතිවානන් මහතාගෙන්  ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසුවේ ඉල්ලාඅස්වීම පිළිබඳව පමණක් දැනුම් දුන් බවයි. 


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ මතිවානන් මහතා යොමු කර ඇති ලිපියේ ඉල්ලාඅස්වීමට හේතුවක් සඳහන් කර නොමැති බවයි. 


කේ. මතිවානන් මහතා පසුගිය වසරේ (2019) පෙබරවාරි මස 21 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ඡන්ද 82 ක් ලබා උපසභාපති ධූරයට පත්විය. ඒ මහතා එම නිලවරණයේදී ‘රණතුංග’ පාර්ශවය නියෝජනය කරමින් විධායක කමිටුවට පත්වූ එම නිලධාරියා ද වේ.