IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


මාතලේ මහ නගර සබේ රැස්වීම උණුසුම් වෙයි

(මහේෂ් කීර්තිරත්න) 

මාතලේ වැඩබලන නගරාධිපති එක්සත් ජනතා නිදහස් සන්ධාන සන්දනම් ප්‍රකාශ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) පැවැත්වුණු මාතලේ මහ නගර සභා විශේෂ මහ සභා රැස්වීම  උණුසුම් තත්වයක් ඇති විය.
 
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී මොහමඩ් නිලාෆ්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ඒ.එන් ඉන්ද්‍රරත්න, රන්දික විරසිංහ, සරත් ජාතුංග යන මහත්වරුන් විසින්  පහත කරුණු 06ක් සාකච්ඡා කළ යුතු බව පවසමින් රැස්වීම පවත්වන ලෙස කළ ඉල්ලීම අනුව මෙම විශේෂ සභා රැස්වීම කැඳවා තිබිණි.
 
ඒ අනුව මාතලේ මහ නගර සභාවේ ප්‍රධාන විධායක නිලධාරිය වන නාගරික කොමසාරිස්වරයාට  රියදුරුන් විසින් බැන තර්ජනය කිරීම, නගර සභා තුළ විෂමාචාර ලෙස හැසිරීම පිළිබඳව සාකච්ඡා කිරීම, නගර සභාවට අයත් ළමා උද්‍යානයේ පිහිටා ඇති කිරිහල සභා සම්මුතියෙන් තොරව ලබා දීම තුළින් සභාවට මුදල් මුදල අගතියක් සිදු කිරීම, ගොංගාවල ආයුර්වේදය අසළ කඩකාමර සභා තීන්දුවට පටහැනිව ලබා දීම, සෞඛ්‍ය කම්කරුවකු සහ කර්මාන්ත කම්කරුවෙකු ආවරණ පත්වීම් ලබාදීම තුළින් සභාව දැඩි අපකීර්තියකට පත් කිරීම සඳහා අදාළ අය නිත්‍ය තනතුරුවල පිහිටුවීම, සුපිරි වෙළඳ සංකීර්ණයෙහි අංක 33 කඩකාමරය නිත්‍යනුකූල භාවය පිළිබඳව සාකච්ඡා කිරීම සහ නීත්‍යනුකූලව මාතලේ මහ රෝහල ඉදිරිපිට තිබු කඩකාමර ඉවත් කර නැවත කඩකාමර ලබා දිම යන කරුණු සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවා තිබිණි.

ඒ අනුව වැඩබලන නගරාධිති සන්දනම් ප්‍රකාශ් මහතා විසින් සභා ගර්භයට පැමිණියේ සෙංකෝලය නොමැතිව නගරාධිපති නිල කබායද නොපැළඳගෙනය.
 
සභාව ආරම්භයේම අදහස් දැක්වූ මන්ත්‍රී(එ.ජා.ප) අනාස් රියාල් මහතා කියා සිටියේ මෙම කැඳවීම නීත්‍යානුකූල නොවන බැවින් සභාව කල්තබන ලෙස යෝජනා කළේය. මන්ත්‍රී(එ.ජා.ප) එම්.සෆරුල්ලා මහතා විසින් ස්ථිර කළ අතර නමුත් නියෝජ්‍ය නගරාධිපති සන්දස් ප්‍රකාශ් මහතා විසින් මෙය නීත්‍යනුකූල බව පවසමින් අද දින න්‍යාය පත්‍රයට අදාළ කරුණු සාකච්ඡා කරන බවය.
 
එහිදි නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා කියා සිටියේ අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා අවස්ථා කිහිපයකදිම නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඒ සදහා අවස්ථාව හිමි නොවූ බවත්ය. එම නිසා නගර සභා ආඥා පනත අනුව මෙම සභාව කැඳවු බවය.
 
නමුත් සභාව පවත්වාගෙන යන අවස්ථාවේදි මන්ත්‍රි(එ.ජා.ප) ආනස් රියාල් මහතා සහ නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවු අතර මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම අදහස් දැක්වූ හෙයින් සභාවේ දැඩි ඝෝෂාකාරී තත්වයක් ඇති විය.
 
සභාව පවත්වාගෙන යන අතරතුරු අවස්ථා ගණනාවකදිම වරින් වර නැගිටි සිටිමින් මන්ත්‍රී (ශ්‍රි ලං.පො.පෙ) ඒ.එන් ඉන්ද්‍රරත්න මහතා,මන්ත්‍රී(එ.ජා.ප) ආර්.එම් සෆරුල්ලා  මහතා, මන්ත්‍රී.(ජ.වි.පෙ) මොහමඩ් නිලාෆ් මහතා අදහස් දැක්වූහ.


 



අදහස් (0)

මාතලේ මහ නගර සබේ රැස්වීම උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 966 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1024 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site