IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මාතලේ පානීය ජලය සියයට 78ක් අපිරිසිදුයි

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
 
මාතලේ දිස්ත්‍රිකයේ ජාතික ප්‍රජා ජල දෙපාර්තමේනුතුව මගින් ලබාදෙනු ලබන ජල සැපයුම් වලින් 78% ක පමණ පානීය ජලය අපිරිසිදු තත්වයේ පවතින බව සෞඛ්‍ය අංශ වාර්තාකර ඇතැයි මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී අනාවරණය විය.
 
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක කොට්ටේගොඩ මහතාගේ සම සභාපතිත්වයෙන්  මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අද(15) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වු අවස්ථාවේදී මේ කරුණු අනාවරණය කෙරිණි.
 
වර්ෂ 2011 දී, ග්‍රාමීය ප්‍රදේශයන්හි ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා රජය විසින් ආරම්භ කරන ලද (දෙවන) ප්‍රජා ජල ව්‍යාපෘති 232ක් මාතලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර තිබේ. ඒ අතරින් මේ වන විට ව්‍යාපෘති 108ක් පමණ අක්‍රිය මට්ටමේ පවතින බව වාර්තා වේ. එම ව්‍යාපෘති රැසක් දේශපාලනීකරණය වීම හේතුවෙන් පසුගිය කාලය තුළ විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා කමිටුව හමුවේ සඳහන් කළේය.
 
පානීය ජලයේ යම් ගැටලුකාරී තත්වයක් පවතින බවත්, පිරිසිදු පානීය ජලය ලබාදීමට දැනටමත් ක්ලෝරීන් යන්ත්‍ර 50ක් යොදවා ඇති බවත්, එය 100 දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවත් මෙහිදි අදහස් දැක්වු ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තු මාතලේ දිස්ත්‍රික් ප්‍රධානී එච්. බී. විජේසිංහ මහතා සඳහන් කළේය.
 



අදහස් (2)

මාතලේ පානීය ජලය සියයට 78ක් අපිරිසිදුයි

විජිත් සේනසිංහ Thursday, 12 August 2021 11:55 AM

හරියටම හරි

:       0       0

විජිත් සේනසිංහ Thursday, 12 August 2021 12:01 PM

හරියටම හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site