බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි

 

මහරගම ඇරව්වල පාරේ අරලියපුර බලපත්‍රලාභී මැණික් ව්‍යාපාරිකයකු සතුව තිබු රුපියල් කෝටි 700 කට අධික වටිනාකමක් ඇති කැරට් 750 දකුණු අප්‍රිකානු දියමන්තියක් ඇතුළු මැණික් ගල් තොගය කොල්ලකෑ  කණ්ඩායමේ තවත් පුද්ගලයකු  මැලිබන් හන්දිය අසලදී අත්අඩංගුවට ගත් බව මිරිහාන අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.

මාතර රොටුඹ ප්‍රදේශයේ පදිංචි තුසිත මධුරංග නොහොත් මාතර මල්ලී යනුවෙන් හඳුන්වන ඔහු මනුෂ්‍ය ඝාතන හා කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකි.