
(නිමල කොඩිතුවක්කු)
බස්රථ මංතීරුවේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ගමන් කළ යුතු බවට පොලීසිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී අද(15) පැවසීය.
මෙම තීරණය හකුළා ගැනීමට පොලීසිය කටයුතු නොකළහොත් සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද විජේරත්න මහතා සඳහන් කළේය.
බස් රථ මංතීරුව ගැසට් කර තිබියදී එහි ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ගමන් කිරීම නීතිවිරෝධී බවත්, රටේ පවතින නීතිරීතී පොලීසිය විසින් ම කඩකිරීමට එරෙහිව ඉදිරියේදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය නුගේගොඩදී කැඳ වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
ත්‍රිරෝද රථයක උපරිම වේගය පැයට කිලෝමිටර් 40ක්ව තිබියදී මගීන් 60ක් 70ක් ගෙනයන බස්රථයක් එය පිටුපසින් ධාවනය කිරීම බරපතල ගැටලුවක් වී ඇතැයිද ඒ මහතා කීය.
මෙම මංතීරු නීතිය හේතුවෙන් යතුරු පැදිකරුවන් අනතුරට ලක්වීමේ අවදානමක් තිබෙන බවත් යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම පොලීසිය භාර ගන්නේදැයි තමන් ප්‍රශ්න කර සිටින බවද විජේරත්න මහතා පැවසීය.මං තීරු දෙකක් පමණක් ඇති ඇතැම් මාර්ගවල මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම ප්‍රයෝගික නොවන බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේය.
මංතීරු නීතියේ පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පොලීසිය, ප්‍රවාහන සංගම් ඇතුලු සියලුම පිරිස සාකච්ඡාවක් සඳහා කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විජේරත්න මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
ඇත්ත, අපි බස්වල උදේ, හවස වැඩට යන්න එන්නේ. කවදාවත් නැති තරම් බ්ලොක් එකක් ඊයෙයි, අදයි කොළඹ තිබුනේ..
වෙන රටවල් වල නම් යතුරු පැදිවලට ගමන් කිරීමට අවසර ලැබෙනවා. ලංකාවේ එහෙම කළොත් වරදක් නැත.
මාර්ග තදබදය ඇති වීමට මූලිකම කාරණා වී ඇත්තේ ලත වෙවී ඉබි ගමනින් යන බොහොමයක් බස් රථ හේතුවෙන් සහ බස්රථ හා ත්‍රීරෝද රථ රියදුරන්ගේ අපරික්‍ෂාකාරී ධාවනයයි. ගැමුණු මුදලාලි මුලින්ම කළ යුතුව ඇත්තේ ජනතාවගේ කාලය නාස්ති කරන පුද්ගලික බස් රථවල මාර්ග බලපත් ඉවත් කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිටීමයි...
ඔයාලගේ පදේටත් කාලයක් කට්ටිය නැටුවා නේද ගැමුණු? දැන්නං එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි... සොරි...
කොළඹ නගරයේ ට්‍රැෆික් එකේ 40ට යන්න පුළුවන් නම් ලොකු දෙයක්.. බස් මන්තීරුවේ ත්‍රි රෝද රථ ගියාට කමක් නැහැ.
මම දන්නා තරමට ත්‍රිරෝද රථ සහ බස් රථ සඳහා ඇත්තේ එකම වේග සීමාවන්. එහෙම වුණාම බස් තීරුවේ ත්‍රිරෝද රථ ගියාට ප්‍රශ්නයක් නැත. නමුත් ගැටලුව එන්නේ මෝටර් සයිකල් සඳහා. සාමාන්‍යයෙන් මෝටර් සයිකල් සඳහා වේග සීමාව වන්නේ මෝටර් කාර්වල වේග සීමාවයි. හෙමින්යන තීරුවක මෝටර් සයිකල් ධාවනය කරවීමෙන් අනතුරු සිදුවිය හැකියි.
යතුරුපැදි, බස් සමග එකට ගමන් කරවීමෙන් සිදුවන පැදිකරුවන්ගේ අනතුරු පොලිසිය බාරගත යුතුයි.
බොහෝ පුද්ගලික බස්රථ, ලංගම බස් සමග රේස් යනවා වගේ දුවපු දිවිල්ල, මංතීරු නීතිය ක්‍රියාත්මක වුණාට පස්සේ කරන්න බැරිවීම නිසා ගැමුණු මහත්තයාට තදවෙලා වගේ. මෙයාට පුළුවන්ද ලක්ෂ ගණන් හම්බ කරන්න... බස් මුදලාලිලාට අණදීලා බස් වර්ජනය ඇති කරන්න.? අනේ මෙහෙමත් හිනායන කතා කියන හැටි... මහමග භාවිතා කරන අනෙක් අය ගැන හිතන හැටි..!!!
මංතීරු නියම කිරීම එම් සි සි ගිවිසුමේ අවශ්‍යතාවක් බව එම් සි සි ගිවිසුම කියෙව්වම බලාගන්න පුළුවන්.
එක බස් එකක් ගිහිල්ලා අනික් බස්එක එනකම් මංතීරුව හිස්ව තියන්නද කියන්නේ..?
මෙවැනි තීරණ ගන්නට ඉස්සරවෙලා මාසයක කාලයක පරීක්ෂණයක් වශයෙන් අත්හදා බැලිය යුතුය. එකපාරටම කරන්න ගියාම ප්‍රශ්න ඇතිවෙනවා. මේක අර මැෂින් එකකින් තරබාරු මිනිසෙක් පොල්ගහකට නැගලා පොල් කඩනවා වගේ..