IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


මංතීරුවට ගැලවූ අලිවැට ඉල්ලා ගොවී උද්ඝෝෂණයක්

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත යෝජිත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම සඳහා ගලවා දමන ලද අලි වැට වහා නැවත ඉදිකරන ලෙස බල කරමින් පොලොන්නරුව,නවනගරය පත්තිනිපෙදෙස ගම්වාසීහු පිරිසක් අද පරාක‍්‍රම සමුද්‍රයේ වෑකන්ද මත පිහිටි පත්තිනි දේවාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයෙක නිරතවූහ.

මෙම අලිවැට ගලවා දැමිම හේතුවෙන් තම ගම්මානවලට නිතර  අලින්ගේ හිරිහැර එල්ලවීමට පටන්ගෙන ඇතැයි ගම්වාසීහු පෙන්වාදෙති.

පසුගිය දිනවල පත්තිනිපෙදෙස ගම්මානයට පැමිණි වන අලි ගෙවතුවල වගාකර තිබූ අවුරුදු 40-50 වයස පොල් ගස් ආදිය පෙරළා විනාශ කර ඇතැයිද කීහ.

එහෙයින් ඇවිදින මංතීරුව ඉදිකිරීමට බව කියමින් ගලවා ඉවත්කරන ලද, අලි ගම්වැදීම වැළැක්වීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඉදිකර තිබූ ආරක්‍ෂක විදුලි වැට නැවත සකස් කරදෙන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔවුහු ප‍්‍රකාශ කළහ.

පොලොන්නරුව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.ජී.කීර්ති චන්ද්‍රරත්න මහතාගෙන් අප එම අලිවැට ගලවා ඉවත් කිරීම සම්බන්‍ධයෙන් විමසූවිට ඔහු කියා සිටියේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට මීටර් 800ක් පමණ දුරට ඉදිකර තිබූ අලිවැට ගලවා ඉවත්කර දෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මගින් කරන ලද ඉල්ලීමකට අනුව දැනට මාසයකට පමණ පෙර එය ගලවා දැමූ බව බවය.

ඉන්පසුව වනඅලි ගම්වැදීමට පටන්ගෙන ඇති නිසා නැවත් පෙර තිබූ පරිදි එය ඉදිකිරීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය. ඒ අනුව සඳුදා සිට අලිවැට නැවත ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන බවද චන්ද්‍රරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (9)

මංතීරුවට ගැලවූ අලිවැට ඉල්ලා ගොවී උද්ඝෝෂණයක්

beau Sunday, 26 September 2021 05:49 PM

ලංකාව පාලනය කරන්නේ ගොන්නුද? අලි වැට ගැලෙව්වා නම් අලි ඇවිල්ලා ගේ දොර විනාශ කළා නම් ඉන්න ඕනෙද වැට නැවත හදන්න. ඔෆිස්වල ඉඳගෙන මේ අය මොනවද කරන්නේ..? පුන්නක්කු කන හරකා මීට වඩා ඥාණවන්තයි.

:       1       36

Samira Sunday, 26 September 2021 06:57 PM

දැන් නම් ජනතාව ගහනකොට සෙට් එකට දුවන්න මංතීරු හොයාගන්න වෙයි වගේ

:       0       1

Demuni Uduwara Sunday, 26 September 2021 07:00 PM

සැනසිල්ල නොව දුප්පතා ගැන සිතන්න.

:       0       1

දිසා. Sunday, 26 September 2021 07:51 PM

රටේ සිදු වන්නේ මොනවාදැයි සිතා ගත නොහැක. මීට විසදුමක් ලබාදීම ඉතා වැදගත් බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

:       0       1

Sunil Monday, 27 September 2021 05:41 AM

නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.

:       0       4

සුදන්ත Monday, 27 September 2021 05:55 AM

සමහර ගම් වල මිනිස්සු අලි වැටවල් ඉල්ලලා කෑගහනවා. මේගොල්ලො තියන එක ගලවලා මංතීරු හදනවා. අටුව කඩලා පුටුව හැදුව වගේ වැඩක්. ඇවිදින මංතීරු කිව්වම ඔක්කොම අමතකයි. නටබුන් උඩින් හරි හදයි. ඕක හදලා දුන්න සිරිසේන ජනාධිපති හොඳයි වගේ දැන් ඉන්න අයට වඩා.

:       0       4

ධම්මික සදරුවන් Monday, 27 September 2021 07:30 AM

රටේ කරන්න අවශ්‍ය දේවල් කෙචිචර තියෙනවද. නමූත් නිකරුනේ රටේ මුදල් නාස්ති කරමින් මේ නිලධාරීන් කරන විගඩම දකිනකොට රට වෙනදේ ගැන කනගාටුයි.

:       0       6

සලීම් Monday, 27 September 2021 08:16 AM

මේ කොවිඩ් වැනි අති බයානක දරුණු වසංගත රෝගයක් පවතින කාලයක අපේ රටේ සමස්ත ජන සමාජයම මෙවැනි ප්‍රයෝගික නොවන දේවල් වලින් නීතියක් නැති අන්ත අසරණ බාවයට පත්කරපු රජයක් ලංකා දේශපාලන ඉතිහාසයේ නැතුව ඇති. මේ නාරා වලෙන් ගොඩ එන්න රටේ සමස්ත ජනතාවම මෙයට එරෙහි විය යුතුයි.

:       0       6

nalin Monday, 27 September 2021 09:50 AM

රටේ කරන්න ඕනෙ වැඩ ඕනෙ තරම් තියෙනකොට, වැඩකට නැති වැඩ කරල මිනිස්සුන්ට තිබුණ තැනටත් පහලට ඇදල දානව. අනේමන්ද මුන්ට කිසිම මොලයක් නෑ. එහෙම නැත්තම් කොමිස් බලාගන ඔහේ වැඩකට නැති ප්‍රොජෙක්ට් කරනව.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1183 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1181 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 435 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site