
(ප්‍රින්ස් රත්නායක සහ සම්පත් ප්‍රියනන්දන)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට 25 ක් වසරක් පිරිම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයකදී අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රාස්සගල පාර්ශවයේ සබරගමු පළාත් මහා නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියෝත් ජනප්‍රිය ගුවන් විදුලි නිවේදිකාවක්, චරිතාංග නිළියක් මෙන්ම රූපවාහිනී නිළියක්ද වන රම්‍යා වනිගසේකරත් ගෞරව සම්මාන ලැබූහ.
විශ්ව විද්‍යාලයට පුරා වසර 25 ක් සිදුකළ සේවය වෙනුවෙන් අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රාස්සගල පාර්ශවයේ සබරගමු පළාත් මහා නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියෝ සම්මානයට පාත්‍ර වූහ.
සබරගමුවේ උපත ලද රම්‍යා වනිගසේකර, ගුවන් විදුලි නිවේදිකාවක්, චරිතාංග නිළියක් සහ රූපවාහිනී නිළියක් ලෙසින් සිදු කළා වූ මෙහෙවර වෙනුවෙන් කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවාය.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට 25 ක් වසරක් පිරිම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවය සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂාංග රැසකින් යුක්තව පැවැත්විණි. එම අවස්ථාවට විශ්ව විද්‍යාල සේවක ප්‍රජාව ආරාධිත පිරිස, පීඨාධිපතිවරු, අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩලයේ රැසක් එක්ව සිටියහ. උත්සවය අද (2) විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

2025 දෙසැම්බර් මස 18
660
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෛත්‍රීමූර්ති හිමියෝ - රම්‍යා වනිගසේකර සබරගමු සරසවියෙන් සම්මාන ලබති
Ruhunu Wednesday, 03 February 2021 07:09 AM
අපිටත් හරිම සන්තෝසයි...!!!
RaveendraWednesday, 03 February 2021 02:18 PM
ඇත්තෙන්ම ඔබ නිවැරදියි.. පිදිය යුත්තන් පිදිය යුතුමයි.