( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මුතුරාජවෙල අභය භූමියේ මායිම් ලකුණු කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්නැයි අභියාචනාධිකරණය මිනුම්පතිවරයාට අද නියෝග කළේය.
මුතුරාජවෙල අභය භූමිය හා තෙත්බිම් කලාපය තුළ සිදුවන නීති විරෝධී ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සහ කැලි කසල බැහැර කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම් සලකා අභියාචනාධිකරණය එම නියෝගය කළේය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැදවිණි.
මෙම පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී නීතීපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා කියා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් ගැටලු නිරාකරණය කර ගැනීම සදහා මුතුරාජවෙළ අභය භූමියේ නව මායිම් ලකුණු කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවත් , යෝජිත තාප බලාගාරය අදාළ අභය භූමියේ උතුරු මායිමට පිටතින් පිහිටා ඇති බවට තහවුරු වී ඇති බව අධිකරණය හමුවේ කියා සිටියේය.
නිසි ආකාරයට මායිම් ලකුණු නොකිරීමෙන් බලාගාරයේ නිසි පිහිටීම සොයා ගැනීමට අපහසු වී ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.
මෙම මායිම් ලකුණු කිරීමේ දින වකවානු මෝසමක් මාර්ගයෙන් ලබන අගෝස්තු 06 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහෙිදී වැඩිදුරටත් කියා සිටියේය.
ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය මුතුරාජවෙල අභය භූමියේ මායිම් ලකුණු කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදු කරන ලෙසට රජයේ මිනුම්පතිවරයාට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
266
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුතුරාජවෙළ මායිම් ලකුණු කිරීම කඩිනම් කරන්නැයි නියෝගයක්
Clarence Tuesday, 27 July 2021 07:30 AM
අත්‍යාවශ්‍ය වැඩක්.. ජයවේවා..!!!