IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


මුතුරාජවෙළ ගැසට්ටුවට ඇමැති පුල්ලෙත් කනස්සල්ලෙන්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මුතුරාජවෙල අවට ග්‍රාමසේවක වසම් රාශියක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගැනීම  පිළිබඳව තමා බලවත් අප්‍රසාදය පළ කරන බව කොරෝනා මර්දන  රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (9) පැවසුවාය.

නාගරික සංවර්ධන අධිකාරිය කළේ වැඩකට නැති වැඩක් බව පැවසූ රාජ්‍ය ඇමැතිවරිය කිසිදු සොයා බැලීමක් නැතුව කළ මෙම කටයුත්ත නිසා  එම  ප්‍රදේශවල විශාල පිරිසක් අද දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද   සඳහන් කළාය.

මහජන නියෝජිතයන් සමඟ කතා නොකර, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට ඉදිරිපත් නොකර මෙවැනි තීන්දු තීරණ ගැනීම  පිළිබඳව අප්‍රසාදය පළ කරන බවද ඇය කීවාය.

ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේ පැවසුවේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තා පිළිබඳ  සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

ආර්ථික ප්‍රශ්නවලින් මිරිකී සිටින ජනතාව මේ ප්‍රශ්නය නිසා  ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි තත්වයට අද ඇද වැටී ඇතැයි පැවසූ රාජ්‍ය ඇමැතිවරිය  ජනතාව මේ ගැන  අද තමා ඇතුළු මහජන නියෝජිතයන්ගෙන්  ප්‍රශ්න කරන්නේ යැයිද කීවාය.

අප බලයට පත්වූයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට  බවද  ඇය  පැවසුවාය.

මෙය මිනිස්සුන්ට අයිති භූමියක් බවත්  අද මේ ජනතාවට  රජයේ අවසරයක් නැතුව ඒ ඉඩම්වල කිසිම කටයුත්තක්  කිරීමට  නොහැකිවී  ඇති බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය. 



අදහස් (4)

මුතුරාජවෙළ ගැසට්ටුවට ඇමැති පුල්ලෙත් කනස්සල්ලෙන්

sharm warn Tuesday, 09 November 2021 04:24 PM

මිනිස්සු චන්දෙ දුන්නේ මේවාට කනස්සලු වෙන්නද එතකොට ?මෙයාලට මාර උත්තර තමයි තියෙන්නේ බලාගෙන ගියාම

:       0       0

fairoos Tuesday, 09 November 2021 05:16 PM

සර් එක්ක ඕවා බැහැ දැන් එක රටක් එක නීතියක්.

:       0       1

අබිලින් Tuesday, 09 November 2021 07:01 PM

විරෝධය වාචිකව ප්‍රකාශ නොකර අඩුම තරමින් ඇමති තනතුර හෝ අත් හැරියොත් චුට්ටක් වත් දැනේවි මේ ප්‍රශ්න විසඳිය හැක්කේ එහෙමයි

:       0       1

de silva Thursday, 11 November 2021 06:16 PM

කණස්සලු වුණාට කමක් නැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පුටුව නම් අතාරින්න එපා. එහෙම වුණොත් අපරාදෙ නිකන්ම ලැබෙන වරප්‍රසාද ටික නැති වෙනවා. ඉස්සරවෙලා වරප්‍රසාද ටික රැකගන්න. පසුව පුළුවන් මුතුරාජවෙල ගැන හිතන්න. අතරින් පතර බයියන් චූන් කරන්න මොකක් හරි කියන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site