IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මුතුරාජවෙල හෙලිකොප්ටර් අංගනයක් සෑදීම ගැන වාර්තාවක් කැඳවයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල  මහික වීරරත්න)

මුතුරාජවෙළ පරිසර කලාපයේ විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර් අංගනයක් සෑදීමට අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තාවක් වහාම  ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව ) වනජීවී අධ්‍යක්ෂ ජනරාල්  චන්දන සූරියබණ්ඩාර මහතාට  දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම කාරණය සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට තමා  කටයුතු කරන බවයි.

මේ අතර ඇතැම් පිරිස්  මුතුරාජවෙල තෙත්බිම් කලාපයට  අනවසරෙන් ඇතුළුවී එම පරිසර පද්ධතියට බලපෑම් වන ආකාරයේ  කටයුතුවල යෙදෙන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පවසන    කමිටුව  එම ක්‍රියාකාරකම් නැවැත්වීමට වහාම පියවර ගන්නැයි  අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

එසේම පරිසරයට බලපෑම්වන ව්‍යාපෘතිවල  බලපත්‍ර අත්හිටුවන ලෙසටද නියෝග කර ඇත.

මුතුරාජවෙල වගුරු බිමෙන් පර්චස්  හැටපන්  දහස් එකසිය දෙකක්( 65102ක් ) පර්චසය රුපියල් 500 බැගින්  මිලදී ගැනීමට පෞද්ගලික සමාගමක් කටයුතු කර ඇති බවත් ඒ සඳහා උදව් කළ ගොවිජන සේවා නිලධාරීන්ට  විරුද්ධව  කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති බවත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

කඩා ඉවත් කෙරෙන ගොඩනැගිලිවල අබලි ද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය මුතුරාජවෙල පරිසර කලාපයට  බැහැර  කරන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස කමිටුව  නාගරික සංවර්ධන අධිකාරියට සහ  අදාළ පළාත් පාලන ආයතනවලට  නියෝග කළේය.

හෙක්ටයාර් 6232ක්වන මුතුරාජවෙල  රක්ෂිතයේ හෙක්ටයාර්  3068 ක් පාරිසරික වශයෙන් වැදගත්  තෙත් බිම් කලාපයක් ලෙස  හඳුනාගෙන ඇති බව   කෝපා කමිටු වාර්තාවක සඳහන් වේ.

මුතුරාජවෙල පරිසර පද්ධතිය සම්බන්ධයෙන් පරිසර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ  අදාල ආයතනවල සහභාගිත්වයෙන් කමිටුවක් පිහිටුවා එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට  විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද   රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම කමිටු රැස්වීමකදී උපදෙස්දී ඇත. 



අදහස් (0)

මුතුරාජවෙල හෙලිකොප්ටර් අංගනයක් සෑදීම ගැන වාර්තාවක් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 199 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 398 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site