විනීතා එම් ගමගේ
මුතුරාජවෙල ගොල්ෆ් පිටියක් සහ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවසර දී ඇතැයි එම අධිකාරිය දැනුම් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
එම ඉඩමේ ව්‍යාපෘතිය කරන්නට යන සමාගම විසින් වනජීවි පුවරු ගලවා ඇතුල් වීම තහනම් යැයි සඳහන් පුවරු ගසා ඇතැයි කාදිනල් තුමන් කරන චෝදනාව පිළිබඳව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග කථා කළ බවත් ඒ පිළිබඳව සොයා බලන්නට එම නිලධාරියා පොරොන්දු වූ බව ද අමාත්‍යවරයා කීය.
කෙසේ වෙතත් මුතුරාජවෙල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තෙත් බිම මේ වනතුරු මායිම් දමා නැති අතර මායිම් ඇත්තේ ජීපීඑස් තාක්ෂණය ඔස්සේ යන්ත්‍රවල බැවින් ඒවා මායිම් දමා සැකසීම කෙරෙහි අවධානය යොමු කරවූ බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් ගැසට් කළ පලියට ජනතාවට සහන සැලසෙන්නේ නැතැයි ද පරිසර ආරක්ෂණ කලාපයක් තුළ කළ හැකි දේ සහ නොහැකි දේ මොනවාදැයි යන්න හා යෝග්‍ය ක්‍රියාකාරකම් මොනවාදැයි පැහැදිලිව ප්‍රකාශයට පත් විය යුතු බව ද ඔහු පැවසීය.
එමෙන්ම මෙම නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා ගුවන් හමුදාවේ සහය ලබා ගන්නා බවත් විශේෂ කණ්ඩායමක් මුතුරාජවෙල වෙනුවෙන්ම යෙදවීමට බලාපොරොත්තු වන බව ද අමරවීර මහතා කීය.
එම තෙත් බිම වනසන්නන් කවුදැයි අදාළ නොවන බවත් කවරෙක් වුව නීති විරෝධී කටයුත්තක් කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
මුතුරාජවෙල සමහර ස්ථානවල කැලය වවා වසාගෙන සිදුකරන ඉඩම් ගොඩ කිරීම් හා නොයෙක් වංචනික ක්‍රියාවන් ගැන ද තමන්ට වාර්තා වී ඇතැයි අමරවීර මහතා එහි දී කියා සිටියේය.
මුතුරාජවෙල ගොඩ කිරීම් සඳහා බොහෝ විට යොදා ගන්නේ කොළඹ නගරයේ ඉවත් කරන ගොඩනැගිලි අපද්‍රව්‍ය බව කී අමාත්‍යවරයා ඒවා එසේ ගෙන ගොස් දැමීම වෙනුවට පොඩිකර නැවත ගොනැගිලි ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් පහත්බිම් සංවර්ධන මණ්ඩලය හා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සමග සාකච්ඡා කළ බව ද කියා සිටියේය.
ඒ සඳහා අවශ්‍ය නීති සැකසීම ද සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මහින්ද අමරවීර මහතා මේ අදහස් පළ කළේ පරිසර අමාත්‍යංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී පරිසර අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් දක්වමින් සේරුවිල රන්නිධි ගැන කරන්නේ ගවේෂණයක් මිස කැණීමක් නොවන බව කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොම කරලා තීන්දුව දෙනකොට පෙරහැර ගිහින් තියේවි.
ඇමැතිතුමා ඔය කරන්නේ කවුද? හෝටල් හදන්නේ කවුද කියලා හොඳටම දන්නවා. මේකත් එතුමාගේ සැෂේ පැකැට්ටුව වගේ තමයි.
මුතුරාජවෙල රක්ෂිතයක්ලු.. නමුත් ඒකෙ හෝටල් හදන්න අවසර දීලා... මේවා හතර බීරි කතා. ඔය වගේම තමයි කියන්නේ පර්යන්තේ විකුණන්නේ නැහැලු. සංවර්ධනය කරන්න බාර දෙනවලු...
යහපාලන ආණ්ඩුවේ ඉඳගෙන ගහපු ඩබල් ගේම් ගැන ගැන හිතනකොට මේවා මොනවාද?
ඔය ගොල්ෆ් පිටිය හදන කෙනා තමයි මේ හොර රැලට ඡන්දෙදී අතදිගහැරලා වියදම් කලේ. මෙයා මුකුත් නොදන්නවා වගෙයි කතාකරන්නේ. මේවගේ කොන්දොස්තරලා ඇමති වුණාම මොනවද නොවෙන්නේ? කෙසේවෙතත් මුතුරාජවෙල ප්‍රශ්නේ ලෙහෙසියෙන්ම මේ හොරුන්ට දිනන්න දෙන්න බැහැ. මොකද ඒ ප්‍රදේශයේ බයියන් නැහැ....
අමර වීරයෙක් තමයි මෙයත්...