IMG-LOGO

2025 මාර්තු මස 27 වන බ්‍රහස්පතින්දා


මාතෘභූමි සුරක්ෂා පදනමෙන් පා ගමනක්

රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය ඉවත්වී මාතෘභූමිය සුරක්ෂා කිරීම උදෙසා මාතෘභූමි ‘‘සුරක්ෂා පදනම‘‘ සංවිධානය කළ පා ගමනක් අද (06) සම්බෝධි විහාරයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණියේය.

නාරාහේන්පිට අභයරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සිංහල රාවයේ කැඳවුම්කරු මාගල්කන්දේ සුදත්ත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 400 ක් පමණ මෙම පා ගමනට එක්වුහ.

(ඡායාරූප සහ විඩියෝ ශාන්ත රත්නායක)

 



අදහස් (14)

මාතෘභූමි සුරක්ෂා පදනමෙන් පා ගමනක්

සෙනෙවි Thursday, 06 December 2018 06:56 PM

අනේ මෙහෙම කඩේ යෑමක් ! බුදුන් මේ විකාර දැකීමට සිටියේ නම් ?

:       292       344

ලුම්බිණි Thursday, 06 December 2018 11:29 PM

පා ගමන් යනවට වඩා මේ අවුල ඇති කරපු අයට අනුශාසනා කළා නම නේද වඩා හොඳ?

:       247       441

dhammika perera Friday, 07 December 2018 03:17 AM

මාතෘ භුමිය සුරක්ෂා කරගත යුත්තේ සිවුරු පුරවාගෙන ඉන්න උතුමන්ගෙන්...............

:       76       150

දිමුත් Friday, 07 December 2018 04:03 AM

හොරු රකින්න පින්ඩපාතේ ගියා වගේද?

:       33       150

රොෂාන් Friday, 07 December 2018 06:36 AM

මව්බිම කෙසේ වෙතත් මේ යන්නේ කා වෙනුවෙන්ද කියලා පැහැදිලියි. හොරුන්ට මිනීමරුවන්ට රට කාපු හොරුන්ට අවවාද අනුශාසනා දෙනවා මෙහෙම කඩේ යන්නේ නැතුව?

:       155       203

sirimal Friday, 07 December 2018 09:30 AM

හරිනම් ඔය සංවිධානය නම් කරන්න තිබුනේ "මාතෘභූමි සුරක්ෂා පදනම" කියල නෙවේ "රාජපක්ෂ පවුල සුරක්ෂා පදනම " කියලයි.

:       2       220

saliya Friday, 07 December 2018 10:02 AM

වරද නිවරද කුමක් දැයි වටහා ගන්න බුදු දහමට අනුව. මෙම තත්වයට මුල් වුයේ කවුද? නීතියක් යුක්තියක් ව්‍යවස්ථාවක් නැති රටක් බවට පත් නොකරන්න . ගැතී භාවය ප්‍රදර්ශනය කරමින්, නීත්‍යානුකූල රජයකට එරෙහි වීම දේශප්‍රේමය නොවේ. රටවැසියා නොමඟ යැවීම බුදු දහමට අනුකූල නැත. .

:       1       123

වොට්මෝර් Saturday, 08 December 2018 04:41 AM

පව් අහිංසක අලියා ඉස්සරහට දාගෙන, මාධ්‍ය ආවරණ ගන්න කරපු වැඩක්... ඕක පෙරහරක් නොවෙයි, නාරාහේන්පිට හොරුන්ට කඩේ යන බව හොරු ආරක්ෂා කරන බව මුළු ලොවම දන්නවා.

:       2       67

sili.bili Saturday, 08 December 2018 11:56 AM

අපේ හාමුදුරුවනේ, මෙහෙමත් බණ කීමක් තියෙනවා . ඔය බණ ජානාධිපතිතුමාටයි, මහින්ද මහත්තයාටයි අහන්න සැලසුවොත් අගනෙයි...

:       2       39

Prof. Edward Perera Sunday, 09 December 2018 12:36 AM

මම රටේ ජනාධිපතිනම් මොනම ආගමක පූජක වරයෙකුට වත් දේශපාලනයට සම්බන්ධ වෙන්න ඉඩ තබන්නේ නැහැ. ඒ වෙනුවට හැකිපමණ ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැලීමට කාලය හා අවකාශය ලබා දෙනවා. දේශපාලන නිළ කටයුතුවලදී පන්සල්, පල්ලි, දේවස්ථාන හා කෝවිල් වලට ගොස් පිරිත් නූල් හෝ වෙනත් ආගමික පුද පූජා මගින් ආශීර්වාද ලබා ගැනීම අකැප ලෙස සළකා ඒවයින් වැළකී සිටින ලෙස මැති ඇමතිවරුන්ට ආදර්ශයක් දෙමි. දේශපාලකයින් විශේෂයෙන්ම පන්සල් ගානේ රස්තියාදුවෙමින් ජනතාවට වැඩ කරන්න තිබෙන වටිනා කාලය කාදැමීම තහනම් කරමි. රාජකාරි වේලාවෙන් බැහැරව පෞද්ගලිකව ඕනෑ තරම් කාලය පන්සල් පල්ලිවල ගත කිරීමට බාධාවක් නැත. කෙටින් කියතොත් දේශපාලකයා දේශපාලනය පන්සලට හෝ දේවස්ථාන වලට ගෙන යාමත් පැවිද්දන් පන්සල පාර්ලිමේන්තුවක් කර ගැනීමත් පුර්ණ වශයෙන් නතර කරමි. මේ අන්දමින් තම තමන්ගේ ආගම්වලට අපහාසයක් සිදුවීම මෙන්ම බැතිමතුන්ට හිත් වේදනා ඇතිවෙන පහත පෙළේ හැසිරීම් වලටද තහංචි පණවමි.

:       0       52

සෙනෙවි Sunday, 09 December 2018 12:42 AM

උගත් ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා ඇයි මේ රිජුෆොම් ලංකාවකට වඳින්නෙ ඇයි ? ආගම සහ ජාතිය පෙරට දමා කරන මේ සෙල්ලම වහාම නතරකර නිර්දේශපාලන , යහපත් පුරවැසියෙකු රටේ නායක කමට පත්කල යුතු කාලය පැමිණ ඇත. ඔහු ආගම කර තබා යන්නෙක් නොවිය යුතු අතර සියළු ආගම් සමානව සැලකන්නෙක් විය යුතුය.

:       0       60

parakkrama Sunday, 09 December 2018 01:30 PM

මේ සියල්ල එක්තරා පාර්ශවයක් රජ කරවා, ඔවුනට එල්ල වී ඇති චෝදනාවලින් ගොඩයාමට සළස්වා තමන්ගේ අභිමතාර්ථයන් මුදුන්පත් කරවා ගන්නට සිදු කරන ව්‍යායාමයන් බව පැහැදිළියි. අන්‍යයන් හට බණ දෙසුවත්, මේ මහා සංඝයාවහන්සේලා තුල කළ යුත්ත හෝ නොකළයුත්ත හෝ කුමක් දැයි නොදන්නා බව පෙන්නුම් කිරීමේ එක් සාධකයක් වන්නේ හය හතර නොදන්නා, හරි දේ වැරදි දේ නොදන්නා, රටේ සිදුවන බරපතල සිදුවීම් ගැන කිසිදු අවබෝධයක් නොමැති, යන්නේ කොහේ ද ,කරන්නේ කුමක් ද ගැන අවබෝධයක් නැති කුඩා සාමනේරයන් වහන්සේලාද මෙවැනි දේශපාලන යටි අරමුණු ඇති කටයුතුවල යොදවා ගැනීමයි.

:       1       97

sudesh Monday, 10 December 2018 11:44 AM

මේ අයම තමයි මේ විනාශය ඇතිකළේ..

:       0       1

ravi Monday, 10 December 2018 01:31 PM

අවුරුදු 18ට අඩු ළමයින් පැවිදිකර ගැනීම තහනම් කරපු දවසට තමයි මෙයාලගේ... මාතෘ භූමිය ආරක්ෂා කිරීමත් අවසන් වෙන්නේ ... !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

ඩෙංගු මඩින්න ඩ්‍රෝන මෙහෙයුමක්
2025 මාර්තු මස 27 102 0

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් හඳුනා ගැනීමේ මෙහෙයුමක් නුගේගොඩදී අද ආරම්භ විය.


දෙවුන්දර වෙඩි තැබීමට 4ක් අත්අඩංගුවට
2025 මාර්තු මස 27 344 0

දෙවුන්දර පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනකු වෙන්නප්පුව ප්‍රදේශයේ පලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසි


ජීප් රියක් නානුඔයට පෙරැළෙයි
2025 මාර්තු මස 27 778 4

ගිනිගත්හේනේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නුවරඑළියේ සිට කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඔයට පෙරැළිමෙන් එහි සිටි දෙදෙනෙ


බවුසරය පෙරැළී රියදුරු-රිය සහායක මරුට
2025 මාර්තු මස 27 1150 1

කලවාන - මතුගම මාර්ගයේ අම්බලමහේන ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රී රබර් කිරි බවුසරයක් පෙරෙැළී අනතුරකට ලක්වීමෙන් එහි රියදුරු සහ රිය සහායක මිය ගොස් තවත් පුද්ගල


ප්‍රා.සභා තුනක නාමයෝජනා භාරගැනීම අදින් අවසන්
2025 මාර්තු මස 27 127 0

මන්නාරම, පුනාකරී සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සඳහා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (27) දහවල් 12 ට අවසන් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභ


රිය අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15ක් රෝහලට
2025 මාර්තු මස 27 1079 2

හොරණ රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකු


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 426 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 655 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1335 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site