(යොහාන් භාසුර)
නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට පෙර මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමෙන් ගැටලු රැසක් ඇති වන බවත් මත්පැන් අලෙවිය වහාම නතර කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.
අන්තර්ජාලය ඔස්සේ හෝ මත්පැන් අලෙවි කිරීම නොකළ යුතු බවත් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමෙන් ගෘහස්ථ හිංසනය සහ මාර්ග අනතුරු වැනි දේවල් ඉහළ යා හැකි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එම ලිපිය මගින් පෙන්වාදී තිබේ.
COMMENTS
මිනිස්සු බොන්නේ ඒ මිනිස්සුන්ට අවශ්‍ය නිසා නොවෙයි .මුදල් අවශ්‍ය මේ වෙලාවේ බදු ගෙවන්න ඕනේ නිසයි
අනේ මෙහෙම මෝඩ කතා .දැන් මෙච්චර කල් ඕවා ඕපන් කරලා නේද තිබ්බේ ?බොන්නේ නැති එවුන් නොබී ඉන්නේ නැතුව අනිත් මිනිස්සුන්ගේ හැම මගුලටම ඇගිලි ගහන්න එනවා නේ
අපේ රටේ තමයි මම හිතන්නේ දොස්තරලා හැම එකකටම ඇගිලි ගහන්නේ .මේක නම් විකාරයක් .දොස්තරලා එයාලගේ රස්සාව කරන්නේ නැතුව එයාලට ඕනේ විදියට පාලනය කරන්න එනවද කොහෙද
මොකද දැන් මේ පෙම් හසුන් යවන්නේ? ඇයි ඉස්සර වගේ වර්ජනය කරලා රෝගීන්ව හා රජය අපහසුතාවයට පත් කරන්නේ නැද්ද? මට තියන පුදුමේ, මාෆියා කාරයොත් මේ විදිහට හුරතල් වෙන එකනේ? ගෞරාන්විත ලංකාවේ සෞඛ්‍ය ක්ශේෂ්ත්රරයට අවනම්බු කල මාෆියා කල්ලි වල නිර්දේශ මේ රටේ ජනතාව පිලි ගන්නේ නැහැ. බාර් කාරයෝයි මොවුන් අතරෙයි කිසිම වෙනසක් නැහැ. ඒ අතරින් බාර් කාරයෝ මේ මාෆියා කල්ලියට වඩා ජනතාවට සේවයක් කරනවා.
මොන බොරුද ?ශ්‍රීලංකා සංගමය කියන්නේ ,මොකද්ද ?කලින් අහලා නැහැ ලෝක ඩවුන් නිසා ඇතිවන මානසික පීඩනයට අවශ්‍ය අයට සින්දුවක් කියලා විනෝද උනාම පීඩනය අඩුවෙනවා .බොන හැමෝම බීලා වාහන එලවන්න යන්නේ නැහැ.සාමාන්‍ය මිනිස්සු විතරයි එදා වේලට බෝතල් ගන්න යන්නේ
ඔය කෝවිඩ් රැල්ල හැමදාම ආපහු නරක අතට හරවන්නේ ඔන්න ඔය මෝඩ තීරණය ගත්තු අය තමයි.
අපිට අතවශ්‍ය ආහාර ගන්නවත් කඩයක් ඇරලා නැහැ. ඇදිරි නීතියක් තියෙන වෙලාවක පාරට බහින්නවත් බැහැ. නමුත් මේ බාර් ඉදිරිපිට තෙරපෙන මිනිස්සු දැකල පොලිසිය උඩ බලාගෙන ඉන්නවා. තමන්ගේ සාධාරණ ව්‍යාපාර කරගෙන යන්න අවසර ඉල්ලපු මිනිස්සු පොලියෙන් ඇවිල්ල කොලබදී අත් අඩංගුවට ගන්නවා.
මෙහි පැති දෙකක් ඇත. එක පාර්ශවයක් වෛද්‍ය සංගමය නිරාවරණය කරයි. අනිත් පාර්ශවයේ කරුණු දෙසද අවධියන් සිටීම වටී. ශ්‍රී ලංකාවේ නීතියට අනුව විශාල මුදලක් බදු වශයෙන් ගෙවමින් මත්පැන් බලපත්‍ර ගත් පුද්ගලයන්ද ආයතනද ඇත. වාර්ෂික බලපත්‍ර හා බදු මුදල් ගෙවා වර්ෂයෙන් භාගයක් ව්‍යාපාර නොකර බදු ගෙවීම යථාර්ථයක් යන්න විමසීම විටී. තවද ලංකාව විදේශ විනිමය හිඟයක පවතින අවස්ථාවක සංචාරකයන් ගෙන්වා ගෙන ඔවුනගෙන් විදේශ විනිමය ලබාගැනීමට ඔවුනගේ අවශ්‍යතාවයක් වන මත්පැන් ලබාදීම සංචාරක හෝටල් කළ යුතුය. ඔක්තොම්බර් 01 දින ලංකාව විවෘත කළහොත් එදින මත්පැන් අලෙවිසැල් විවෘත කළ යුතු වන අතර එදින නව කෝවිඩ් රැල්ලක් ඇතිවන මත්පැන් පෝලිම් ඇතිවීම වැලැක්වීමට දැන්සිටම කටයුතු කළයුතුය. ඒ සදහා හොදම විසදුම එක්දිනක ඇතිවන අතිමහත් මත්පැන් ඉල්ලුම වැලැක්වීමට දැන් සිටම මත්පැන් හල් ඇරීමය. දාර්ශනික ප්‍රකාශ වලින් රටක් පාලනය කළ නොහැකි අතර පොළොවේ යථාර්ථය අවබෝධකරගත හැකි විශේෂඥයන් ලංකාවේ අල්ප බව මෙකළ ඉදිරිපත්වන අදහස් වලින් ගම්‍යවන බව කිවයුතුමය.
ඇයි සර්ට කියන්නේ නැතුව බැසිල්ට කියන්නේ