(ප්‍රසාද් මුතුකුඩ සහ ටී.කේ.ජී. කපිල)
හයිබ්‍රිඩ් කුෂ් නමින් හඳුන්වන ගංජා ග්‍රෑම් 400 ක් ඉතා සූක්ෂම ලෙස ගමන් මල්ලක සඟවාගෙන පැමිණි ඉරාන ජාතික කාන්තාවක් (24) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අද (31) අත්අඩංගුවට ගනු ලැබීය.
එහි වටිනාකම ලක්ෂ 16 පමණ වන බව පොලීසිය කියයි. කටාර් ගුවන් සේවයට අයත් කිව්. ආර්. 668 දරණ ගුවන් යානයෙන් ඇය පැමිණ ඇත්තේ ඉරානය සිට දෝහා හරහා බව පොලීසිය පවසයි.
කටුනායක ගුවන්තොටුපලේ බැංකු ලොබිය අසල රාජකාරි නියුතුව සිටි මත්ද්‍රව්‍ය කාර්යංශ නිළධාරින් විසින් ඇය අත්අඩංගුවට ගෙන ගමන් මළු පරික්ෂා කිරීමේදී එහි ව්‍යාජ පතුලක ගංජා පැකට් සඟවා තිබී හමුවිය.
මෙවැති මත් ද්‍රව්‍ය ප්‍රමාණයක් ප්‍රථම වරට අත්අඩංගුවට ගන්නා ලද්දක් බව පොලීසිය කියයි.
ඇය මීගමුව අධිකරණයට ඉදිරිපත් කර ලබා ගන්නා රැඳවුම් නියෝග මත රඳවාවා ගෙන ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ මූලස්ථායට ඉදිරිපත් කරනු ලබන බව පොලීසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම එක නිව්ස් එකක් හරි තියෙනවා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව. අපේ රට නොම්මර එකේ මත්ද්‍රව්‍ය තිප්පොළක් වෙලා. නීතිය හරියට ක්‍රියාත්මක කර මරණ දඬුවම ක්‍රියාත්මක කරලා දෙතුන් දෙනෙක්ව එල්ලුවා නම් මෙය සෑහෙන දුරකට පාලනය කල හැකියි. කොහේද අපේ ඉහළ බලවත් උන්නැහැලාගේ කයිවාරු විතරයි. වැඩ පුස්.
මේ අය මොන මොන බලපෑම්වලට ලක්වෙලා මේව කරනවද කියල අපිට කියන්න බැහැ. ඒව හොයාගන්න ක්‍රමයක් අවශ්‍යයි.
මේගොල්ලෝ තමයි කුඩුවලින් ලෝකේ අනිත් අයව විනාස කරන්නේ .
හැමදාම එක ප්‍රවෘත්තියක් හරි තියෙනවා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව. අපේ රට නොම්මර එකේ මත්ද්‍රව්‍ය තිප්පොළක් වෙලා. නීතිය හරියට ක්‍රියාත්මක කර මරණ දඩුවම ක්‍රියාත්මක කරලා දෙතුන් දෙනෙක්ව එල්ලුවනම් මෙය සෑහෙන දුරකට පාලනය කල හැකියි. කොහේද අපේ ඉහල බලවත් අයගේ කතාව විතරයි.