IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මත්ද්‍රව්‍ය-මුදල් සමඟ දෙදෙනකු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

දෙමටගොඩ ආරාම  පාරේ නිවසක් වටලා මත්ද්‍රව්‍ය  සහ ජාවාරමෙන් උපයා ගත් මුදල් තොගයක් සමඟ  සමඟ ඥාති සහෝදරයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 

එම සැකකරුවන් දෙදෙනා සමඟ ගංජා ග්‍රෑම් 450ක් ,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් මෙන්ම ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 87000ක මුදලක් ද පොලිස් බාරයට ගෙන ඇත  

දෙමටගොඩ ආරාම පාරේ නිවසක මත්ද්‍රව්‍ය මුදලට අලෙවි කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසය ලද තොරතුරක් අනුව නිවස වටලා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 28 හා 30 අතර පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජි ජේ නන්දන සහකාර පොලිස් අධිකාරී දෙවනියට සිල්වා මහත්වරුන් ගේ මගපෙන්වීමෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද  සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක මධුරංග ,උප පොලිස් පරීක්ෂක අරවින්ද පොලිස් සැරයන්වරුන් වන 58241 උපුල් 61115 පෙරේරා 91826 වැලිවිට,පොලිස් කොස්තාපල්වරුන් වන 3609 කුමාර 2204 ප්‍රියශාන්ත මහත්තුරු පරීක්ෂණ පවත්වයි 

 

 



අදහස් (0)

මත්ද්‍රව්‍ය-මුදල් සමඟ දෙදෙනකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site