නීති විරෝධි මත්ද්‍රව්‍ය සහ මත්පැන් සම්බන්ධව දිවයින පුරා කළ මෙහෙයුම්වලදී 200කට ආසන්න පිරිසක් ඊයේ (24) දිනදී පමණක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මත්ද්‍රව්‍ය හෝ මත්පැන් සහිතව සාද පැවැත්වීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස සියලු පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මත්ද්‍රව්‍ය හෝ මත්පැන් සම්බන්ධව යම් තොරතුරක් ලබාදීමට ඇත්නම් 1997 දුරකථන අංකය ඔස්සේ එය දැනුම් දීමට හැකිබවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අද (25) දිනයේ ද මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොම එන්න කෙරෝනා ව්‍යාපරවලට කඩේ යනන එපා