(නිමන්ති රණසිංහ)
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් අත්අඩංගුවට ගනු ලබන හොරොයින් මත්ද්‍රව්‍ය කූට ලෙස ජාවාරම් කළැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින එම කාර්යාංශයේ නිලධාරීන් 12දෙනෙකු ලබන 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(08) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් තවත් පොලිස් කොස්තාපල්වරයකු රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර දුන්නේය.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් නිලධාරීන් ඇතුළු සැකකරුවන් 21දෙනෙකු අත්අඩංගුවේ පසුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත්, නියරත් දෙකම එකතු වෙලා ගොයම් ගස් ටික කනවා නම් අපි මොනවා කරන්නද හාමුදුරුවනේ..?
අප තරයේ විශ්වාස කරනවා ගරු අධිකරණය විසින් මෙවන් " පාපතරයින්ට " ඉතා ඉක්මණින්ම " උපරිම දඬුවම් " ලබාදී මුළු සමාජයටම නිසි පාඩමක් කියාදෙයි යන්න.. තවද මෙම පාපතරයින්ගේ සියලු විස්තර පදිංචි ලිපිනයන් සහිතව ඉතා පැහැදිලි ඡායාරූපද, නිල ඇඳුමේ සිටිනවිට දැරූ තනතුර ඇතුළු සියල්ල මහජනතාවගේ දැනගැනුමට ප්‍රසිද්ධ කරනු ඇතැයි. නීති ඒ සඳහා නොමැති නම් ඒවාද හැකි ඉක්මණින් සම්මත කර ගෙන එසේ ප්‍රසිද්ධ කරන්නේ නම් ඉදිරියේදී මෙවන් තිරිසන් වැඩවලින් ඉවත්වීමට වැඩි දෙනෙකු නැඹුරු වනු ඇත..
ඡන්දයෙන් පස්සේ මෙයාලා ඔක්කොම... නිදොස්කර නිදහස් කිරීමට සලසා ඇතිබව අමතක නොකරන්න... ඡන්දයක්නේ...!!!
මූණ පේනවට ලැජ්ජා ඇති. වැරදි කරන කොට අවුලක් නැතුවා.
කුඩුකාරයන්, පාතාලයන් හා එක්ව කටයුතු කළ මේ දූෂිත නිලධාරින්ට ජාතියේ නාමයෙන් කුමන හෝ සමාවක් හිමි නොවිය යුතුයි.. මේ දූෂිතයන් ඇල්ලීමට වෙහෙස වූ අවංක පොලිස් නිලධාරීන්ටත්, රහස් පොලිස් නිලධාරීන්ටත්, ජාතියේ ප්‍රණාමය.. ඔබ සැම නොවන්නට මේ දූෂිතයන් තවමත් කුඩ්ඩන්, පාතාලයින් හා එක්ව රට වනසනු ඇත. ඔවුන්ගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා රටත්, ජාතියත්, ජනතාවත්, තමන් සේවය කරන පොලිසියත් පාවාදුන් මේ නරුමයින්ට ගැරහීම සිදුකළත් ඔවුන්ව ඇල්ලූ අවංක පොලිස් නිලධාරීන්ට අවමන් නොකිරීමට සැමදෙනා වගබලා ගත යුතුයි. මොවුන් අපට අල්ලා ගත හැකි වූයේ, අන් කවුරුවත් නිසා නොව අවංක පොලිස් නිලධාරින් හා අවංක රහස් පොලිස් නිලධාරීන් නිසායි. දේශපාලනය කුමක් වුවත්, මේවාට නායකත්වය දෙන ජනපතිතුමන්ටද ප්‍රශංසා කළ යුතුයි. මෙයට විරුද්ධ මත දරන්නන් අප හට දොස් කීම වෙනුවට සත්‍ය තේරුම්ගත යුතුය. දේශපාලනයෙන් අපට වැඩක් නැත. ඇත්ත ඇති සැටියෙන් දැකීම අපගේ සිරිතයි. එය කෙලින්ම පැවසීමට අප කිසිවිට බිය නොවේ. එයට විරුද්ධ අදහස් දරන්නන්ගේ අවසරයද අපට අනවශ්‍යයි. මාධ්‍යය හරි හැටි මෙහෙයවීම ගැන වෘත්තියෙන්ම අපි දනිමු.