IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අන්තර් පාලක මණ්ඩලයක්

නාලක සංජීව දහනායක 
 
මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය පිහිටුවන තෙක් අන්තර් පාලක මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (20) පියවර ගත්තේය.
 
කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමින්වහන්සේ, විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත්, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි, විශේෂඥ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා,විශේෂඥ මනෝ වෛද්‍ය ධනුජ මහේෂ්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රමණී පෙරේරා, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ, හිටපු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ශාන්ති නවුකරාසන් යන මහත්ම මහත්මීහු ඇතුළු කණ්ඩායමක් එහි සාමාජිකයන් ලෙස කටයුතු කරති.
 
නවීන තාක්‍ෂණය හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයේ දී ලොව දියුණු රටවල් අනුගමනය කරන ක‍්‍රමවේදයන් අධ්‍යයනය කරමින් අදාළ කටයුතු පවත්වාගෙන යෑමේ වැදගත්කම පිළිබ`දව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.



අදහස් (11)

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අන්තර් පාලක මණ්ඩලයක්

sirimal Wednesday, 20 February 2019 12:57 PM

මැති ඇමතිවරු ටිකෙන් වැඩේ ආරම්භ කලොත් හොඳයි. කුඩු ජාවාරම්කාරයින් මෙල්ල කරන හැටි පිලිපීන ජනාධිපතිතුමා හොඳහැටි කියල දුන්න බව පත්තරේ තියෙනවා දැක්කා.

:       0       129

RaveendraWednesday, 20 February 2019 01:40 PM

සිරිමල් ඇත්තෙන්ම

:       0       29

sirimalWednesday, 20 February 2019 03:22 PM

පාර්ලිමේන්තුවේ කුඩු භාවිතා කරන අය ඉන්නවා කියලනේ කියන්නේ. පිලිපීන ජනාධිපතිගේ යෝජනාව කුඩු මුදලාලිලා " සමුල ඝාතනය" කළයුතු බවට පැවසුවා කියලයි ඩේලි මිරර් වාර්තාවේ තියෙන්නේ. කුඩු මුදලාලිලා කියන වචනයට මුලින් ඔහු තව දරුණු වචනයකුත් එකතු කරලයි කතාකර තියෙන්නේ.

:       0       45

Kanipani Imraan Wednesday, 20 February 2019 12:59 PM

ගංජා විකුණන සිල්ලර කඩකාරයෝ අල්ලන්න STF එකෙන් නිලධාරින් දාන්න. ගම්වල බොහොමයක් කඩවල හොරෙන් සිදුකරන ජාවාරමක් වෙලා. හවසට ඇබ්බැහි වුනු තරුණයින් හෙමින් කඩවල් ඇතුලට රිංගලා තමන්ගේ වැඩේ කරගෙන එලියට එනවා. මේක ගම්වල සුලභ සිද්ධියක්. නමුත් ගම්මු ඉදිරිපත් වෙන්න බයයි. සියලුම සිල්ලර කඩවල් ආවරණ වන පරිදි STF ඔත්තු කරුවන් යොදන්න.දැනට අපිට විශ්වාස STF විතරයි .

:       0       70

SAFEER Wednesday, 20 February 2019 01:07 PM

මොනවා වුනත් හොඳ දෙයක්.

:       0       60

sithum Wednesday, 20 February 2019 04:42 PM

ජනාධිපතිතුමාට බොහොම පින්... මේ කරන මත්ද්‍රව්‍ය මර්ධනය සහ පුනරුත්තාපනයට! බුදු සරණයි, දෙවි පිහිටයි සියලු දෙවියෝ රකිත්වා!

:       0       206

Bamunuarachchi Wednesday, 20 February 2019 06:03 PM

මේගොල්ලෝ පුනරුත්තාපනය වෙන තුරු පාර්ලිමේන්තුව ටික දවසකට වහන්න වේවිද?

:       430       254

Mahee Wednesday, 20 February 2019 06:53 PM

අන්න හරි, බෙරිහන් දෙන මානව හිමිකම්කාරයින්ට තේරෙන්න ඕන ජනාධිපතිතුමා කුඩු මර්දනය කරනවා වගේම කුඩුවලින් විනාශවෙන තරුණ පරපුර බේරගන්නත් කටයුතු කරන බව. මේක අවශ්‍යයෙන්ම කලයුතු ජාතික සත්කාර්යයක්.

:       0       106

Amila Thursday, 21 February 2019 01:11 AM

හොද දෙයක් හැබයි හොයන්න ඕන ඇයි මේවට පිරිස් දැඩි ලෙස ඇබ්බැහි වුවේ කියන එක. ඉල්ලුම තියෙන නිසා තමයි මෙච්චර සැපයුමක් තියෙන්නේ. එම ඉල්ලුම නවත්වන්න පුලුවන් නම් ඉබේම මේ කුඩු වගේ දේවල් රටට එන එක අඩුකරගන්න හෝ නවත්තගන්න පුලුවන් වෙනවා. හැබයි මේවා ගෙන්නන පිරිස් බොහෝමයක් පිටිපස ඉන්නේ දේශපාලනය කරන අය සහ ආරක්ශක අංශවල අයනේ.

:       0       3

තරස්තයා Thursday, 21 February 2019 03:09 AM

STF එකටවත් හොයන්න බැරි දෙයක් තියෙනවා, මේ රටේ බොහෝ දෙනා රටේ නීතියට ගරු කරන්නේ නැහැ. තමන් හිතන සියලු දේවල් කරනවා . එහෙම වෙන්නේ යම් කිසි දෙයකට ඇබ්බැහිවූවන් ද කියන ප්‍රශ්නයක් දැන් තියෙනවා . ඒ ගැනත් සොයා බැලුවොත් එය අගය කල යුතු කරුණක්.

:       0       405

Sumith Thursday, 21 February 2019 04:42 AM

රට පුරා බාර් ලඟ ලොඩි අය පවා බොනවා...... මේකට පළමුව විසඳුමක් සොයන්න‍

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 948 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site