(නිමන්ති රණසිංහ)
කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම්වලින් ලබාගත් හෙරොයින් කූට ලෙස විකිණූ බව කියන සිද්ධියට අදාළව එම කාර්යංශයේ තවත් පොලිස් නිලධාරීන් 12දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(02) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම 12දෙනා අතර, පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු ද සිටින බව අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පිරිසට, පොලිස් නිලධාරීන් 16දෙනෙක් සහ එක් සිවිල් පුද්ගලයෙක් ඇතුළත් වෙති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.